තීරණයක් ගත් ජනක රත්නායක

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, ජනක රත්නායක මහතා පවසන්නේ තමන් සභාපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් හේතු වූ කරුණු පිළිබඳ මේ වනවිට නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර ඇති බවයි .

තමාට එල්ල වී ඇති චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ද දැනුම් දෙන ඒ මහතා, එම දැනුම්දීම සම්බන්ධයෙන් පිළිතුරු ලිපියක් තමා මුදල් අමාත්‍යාංශය වෙත යොමුකිරීමට බලාපොරොත්තු වන බව ද පැවසීය .මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ නිල කාර්යාලයට පෙබරවාරි 16 වැනිදා මුද්‍රා තැබීය.

දින 13කට පසුව මුද්‍රා ඉවත් කෙරුණු මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාගේ නිල කාර්යාලයේ ලිපි ගොනු සියල්ල පොලීසිය සිය භාරයට ගැනීමට ද කටයුතු කළ අතර ,ඒ කඩාකප්පල්කාරී පිරිසක් එහි රාජ්‍ය වටිනාකමක් ඇති ලිපි ගොනු අස්ථානගත කිරීමට හෝ විනාශ කිරීමට උත්සාහයක් ඇති බවට කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත සිදුකළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...