පුනර්ජනනයට ඉංදියාවේ සහය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අනුව පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳව ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුමකට එළඹීමට විදුලිබල හා බලශත්කි අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඉදිරිපත්කළ යෝජනාවක් ස්ථිර වී ඇත. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ කැබිනට් තීරණ දැනුම්දීමේ නිවේදනයේ ඒ බව සඳහන් වේ.

2030 වනවිට සමස්ත විදුලිය අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබාගැනීම, බලශක්ති සැපයුම සම්බන්ධයෙන් ස්වාධීනවීම සහ 2050 වසර වනවිට කාබන් විමෝචන උදාසීන කළ තත්ත්වයකට පත්වීම, රජය විසින් ප්‍රතිපත්තියක් වශයෙන් ප්‍රකාශයට පත්කර ඇති බව එහි සඳහන් වේ.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ පුද්ගලික සහ රාජ්‍ය අංශයේ ව්‍යවසායයන් විසින් අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ ස්ථානවල සූර්ය බලශක්තිය, වෙරළබඩ සුළං ඇතුළු සුළං භාවිතයෙන් බලශක්තිය උත්පාදනය හා ජෛව ස්කන්ධ ආශ්‍රීත බලශක්තිය උත්පාදන ව්‍යාපෘති සහ අනවරත සම්ප්‍රේශණ යටිතල පහසුකම් ඒකාබද්ධව සිදුකිරීම සහ පහසු කිරීම මගින් පුනර්ජනනීය බලශක්තිය ක්ෂේත්‍රයේ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට සහ ශත්තිමත් කිරීමට ඉන්දියාව එකඟ වී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සූර්ය බලශක්තියෙන් රජය කරන්න යන අලුත් වැඩේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : බලශක්ති අමාත්‍යංශය ඔවුන්ගේ...

USS ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාවට ළඟා වූ ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): USS ඒබ්‍රහම් ලින්කන්...

අධ්‍යාපනයේ විශාලතම පරිවර්තනීය යුගය ඇරඹීමට සූදානම් – ජනාධිපති නිදහස් දින සැමරුම අමතමින් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දැනුමෙන්, සහකම්පනයෙන්, තෙතමනයෙන්, නූතන තාක්ෂණයෙන් යුත් මානව...

78 වෙනි නිදහස සමරමින් යුද හමුදා සාමාජිකයින් 9158කට උසස්වීම්!

කොළඹ LNW:78 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව, ශ්‍රී...