පුංචි ජන්දයට නාමයෝජනා දුන්න රජයේ සේවකයින් අලි අමාරුවක – කරන්න යන දේ මෙන්න (VIDEO)

Date:

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නිශ්චිතභාවයක් නොමැති වීම තුළ එම මැතිවරණය සඳහා නාමයෝජනා භාරදී තිබෙන රජයේ සේවකයින් දැඩි අපහසුතාවකට පත්ව සිටින අතර ඔවුන්ගේ වැටුපෙන් කොටසක් හෝ දීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පවසයි.

මැතිවරණ කොමිසමද මේ සම්බන්ධයෙන් කිසිදු සංවේදීතාවක් නැති බවත් අප්‍රේල් මස වැටුපද එම පිරිසට අහිමි වීමේ සලකුණු පවතින බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව අද දවසේදී මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය සාධනීය තීරණයක් නොගන්නේ නම් කණ්ඩයම් දෙකක් ලෙස මැතිවරණ කාර්යාලයේත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙත් පදිංචි වීමට කටයුතු යොදා තිබෙන බව වලේබොඩ මහතා අවධාරණය කරයි.

ඒ අනුව පක්ෂ භේදයකින් තොරව නාමයෝජනා භාර දී තිබෙන රාජයේ සේවයේ නියුතු ඕනෑම කෙනෙකුට ඊට සම්බන්ධය විය හැකි බවද හෙතෙම කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය