දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ සාධනීය වැඩපිළිවෙළක් – ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් ප්‍රසාදය

කොළඹ LNW:වත්මන් අර්බුද විසඳීම වෙනුවෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය කියයි.

‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ වැඩපිළිවෙළ සම්බන්ධව එක්සත් ජනරජ පෙරමුණ සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය සාකච්ඡා කර තිබෙන අතර ඉන්පසු මහජන පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා කියාසිටියේ පොදු වැඩපිළිවෙළක් මගින් රටේ වත්මන් සමාජ හා ආර්ථික ගැටලු විසඳීමට හැකි බවයි.

එහිදී එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පෙන්වා දුන්නේ දෙපාර්ශවය අතර සාකච්ඡාව සාධනීය බවයි.

විශ්වසනීය දේශපාලන සන්ධානයකින් ජනතා ගැටලු විසඳීම අපේක්ෂාව වන බවත් පාර්ශව රැසක් සමග ඒ පිළිබඳව සාකච්ඡා කළ අතර ඉදිරියේදී ද තවත් සාකච්ඡා රැසක් සැලසුම් කර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චිචිගේ රොකට් එක කඩන් වැටුණා වගේ තමයි නාමල්ගේ එයාර්බස් එකත් පැලවත්තට කඩන් වැටෙන්නේ – පොහොට්ටු මහලේකම්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:චිචිගේ රොකට් එක පැලවත්ත කාර්යාලයට කඩන් වැටුණ...

කළු ගඟ ද්‍රෝණියේ සහ ගිං ගඟ ද්‍රෝණියේ ගංවතුර අවදානම් නිවේදන දීර්ඝ කරයි.

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:පවතින වර්ෂා සහිත කාලගුණය හේතුවෙන් කළු ගඟ...

” බටහිර රටවල් මෙන් අපි බලපෑම් කරන්නේ නැහැ” -රුසියානු තනාපති

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාව උතුරු...

වරෙන්තු ලද විමල් උසාවියට!

කොළඹ LNW:අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් වූ හිටපු අමාත්‍ය...