අප්‍රේල් මාසය සඳහා වන පළමු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය 03 වනදා!

0
429
Treasury Bill- Meaning, Features, Benefits and More

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 31, කොළඹ (LNW): ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අප්‍රේල් මාසය සඳහා වන පළමු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය එම මස 3 වනදා සිදු කරන බව දන්වා සිටී.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, එහිදී රුපියල් මිලියන එක් ලක්ෂ 35,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුවන බවයි.

දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 30,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 45,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව දන්වයි.