නහී වේරේණ වේරානී ….

ආගමට අපහාස කලා යැයි කියමින් සුළු ජනවර්ගවල මිනිසුන්ව සහ ඔවුන්ට නොරිස්සූ මිනිසුන්ව පොලීසි උසාවි දක්වා රැගෙන යාමේ රැල්ල රට තුල නිර්මාණය කලේ ගලගොඩ අත්තේ හාමුදුරුවෝ සහ ඔහු නියෝජනය කල බලවේගය විසිනි.. දැන් එය ප්‍රතිවිරුද්ධ පාර්ශව කීපයක් අතර ආරෝවන් පිරිමසාගන්නා පිලිවෙතක් දක්වා තල්ලූවී ඇත..

රටක අධිකරණය යනු ව්‍යාවස්තාවෙන්ම ස්වාදීනව පවතින ආයතනයකි.. එයට ආගමික පාර්ශවය කුමක් උවත් පැමිණිල්ලේ චෝදනාවන් ශාක්ෂි සහිතව සනාත උනි නම් කාට උවද දන්ඩ නීති සංග්‍රහයට අනුකූලව දඬුවම් ලබාදීම එහි ප්‍රසස්ථ පිලිවෙතයි… මේ ක්‍රියාවලියේදී නම් ගලගොඩ අත්තේ හාමුදුරුවෝ ඇදවැටුනේ ඔහු සහ ඔහු අයත් බලවේග රැල්ල විසින් කැපූ වලේම බව මෙහිදී සඳහන් කල යුතුය…

අනෙක් ගැටළුව ඇත්තේ රටක ජනවාර්ගික පාර්ශව දෙකක් හෝ කීපයක් එකිනෙක බෙදී එකිනෙකාට එරෙහිව පොලිස් පැමිනිලි දමන එකිනෙකා දඟගෙට යවන සන්දර්බයන් තුල ජාතීන් අතර සංහිදීයාවක් නිර්මාණය වන්නේ කෙසේද යන කරුන තුලය.. මන්ද සැබෑ සංහිඳියාව යනු පොලීසි හිරගෙවල් දක්වා ගැටළු ඔඩු දිවීමට ඉඩක් නිර්මාණය නොවන තැනට පසුබිම සකස් කරගැනීම මිස තරඟෙට පොලිස් පැමිණිලි දමාගැනීම නොවේ…

බුදු දහමේ මෙන්ම සෑම ශිෂ්ඨ ආගමකින්ම ඉගැන්වෙන්නේ මිනිසුන්ට අනේකා සමඟ සහජීවනයෙන් ජීවත්වන ආකාරයයි.. බුද්ධ කාලීන භාරතයේ ඇවීලීමට ගිය යුද්ධයක් නිවීමට බුදුන් වහන්සේ භාවිතා කලේ එක් කෙටි වැකියකි, නහී වේරේණ වේරාණි එනම් වෛරයෙන් වෛරය නොසන් සිඳේ යන වැකියයි..

මේ දූපතේ වාර්ගික ගැටුම් නිසා අනේක වාරයක් රුධිර ගංගා ගලාගිය බව අප කවුරුත් දන්නා කරුනකි.. බොහෝවිට ඒවාට හේතුව රට,ජාතිය, ආගම බේරාගැනීම බව කියැවේ..නමුත් ආගමේ එන “නහීවේරේණ වේරාණි” වැනි ශ්‍රේෂ්ඨ සංකල්ප නම් ගැඨළු විසඳීම සඳහා අහලකවත් නොගැනේ..

මේ බිමේ දහම මහ හයියෙන් කියවනවා නම් හැම විටෙකම වගේ ඇසේ නමුත් ඒ දහමේ මහැඟි අර්ථය නම් ඇත්තේ මේ දූපතේ මිනිසුන්ට කල්පයක් එපිටිනි..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...