*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමාවන විට ශ්‍රී ලංකාව සහ කමිඳු ටෙස්ට් වාර්තා අතරට

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 01, කොළඹ (LNW): ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශ්‍යට එරෙහිව පැවත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී සිය පළමු ඉණිම සඳහා ලකුණු 531 ක් රැස් කර ගන්නට සමත් වූ අතර එම ලකුණු ප්‍රමාණය වෙනුවෙන් කිසිඳු ශතකයක් වාර්තා නොවිණි.කිසිඳු ශතකයක් වාර්තා නොවුණ වැඩිම ලකුණු සහිත ටෙස්ට් ඉණිම ලෙස මෙම ශ්‍රී ලංකා ඉණිම ඉතිහාසයට එක්වන අතර මීට පෙර ඉන්දියාව,නවසීලන්තයට එරෙහිව කඩුලු 9 ට ලකුණු 324 ක් ලබා එම වාර්තාවේ හිමිකාරීත්වය දැරිය.


තරගයක ශතකයකින් තොරව වැඩිම අර්ධ ශතක ප්‍රමාණයක් වාර්තා වී ඇති අවස්ථා ගණන සළකා බැලුවද මීට පෙර අර්ධ ශතක 7 බැඟීන් වාර්තා වූ අවස්ථා තුනක් දැකිය හැකි අතර හයේ අවස්ථා ගොන්නට මේ තරගය එකතු වේ.කුසල් මෙණ්ඩිස් 93,කමිදු මෙණ්ඩිස් නොදැවී 92,දිමුතු කරුණාරත්න 86,ධනංජය ද සිල්වා 70,දිනේෂ් චන්දිමාල් 59 සහ නිශාන් මධුශ්ක 57 ශ්‍රී ලංකාව වෙනුවෙන් අර්ධ ශතක ලැබූහ.
කමිඳු මෙණ්ඩිස් මේ තරගයේදී නොදැවී ලබා ගත් 92 සමඟ තමන් මුහුුණ දුන් පළමු ටෙස්ට් ඉණිම හතරේ ලකුණු 419 ක් ලබා සිය පළමු ටෙස්ට් ඉණිම හතර තුළ වැඩිම ලකණු ලැබූ ක්‍රීඩකයා ලෙස ජාවෙඩ් මියන්ඩාඩ් සමඟ සම විය.එසේම පළමු ටෙස්ට් ඉණිම හතරේ දී පිට පිට ශතක තුනක් ලැබූ මොහොමඩ් අසාරුදීන් සමඟ සම වීහට තිබූ ඉඩ අසිත ප්‍රනාන්දුගේ දුවද්දී දැවී යාම නිසා කමිඳු ට අහිමි විය.
ප්‍රථම තරගයේදී ශී ලංකාව ලැබූ දැවන්ත ජයග්‍රහණයට පිළිතුරු සපයන්නට මෙන් මේ තරගයට ක්‍රීඩා කරන්නට ඇස් පෙනීමේ අර්බූදයක් මත කණ්ඩායමෙන් ඉවත්ව සිටි ශකීබ් අල් හසන් කණ්ඩායමට එකතු වී ඇත. ඔහු ලකුණු 110 ට කඩුලු 3 ක් දවා ගත්තද ශ්‍රී ලංකා පිතිකරුවන් ඉතිහාසයේ ශතකයක් නැතුව ඉණිමක වැඩිම ලකුණු ප්‍රමාණය දක්වා යන වාර්තාව කවතා බංගලාදේශ පන්දු යැවීමට විශිෂ්ඨ පෙනීමක් ලබා දීමට ශක්බීට නොහැකි විය.පන්දු රැකීමේ අඩුපාඩු ද බංගලාදේශ කණ්ඩායමෙන් කැපී පෙණුන අතර ලොව පුරා ප්‍රභාත් ජයසූරියගේ උඩ පන්දුවක් ස්ලිප් ක්‍රීඩකයින් තිදෙනා අතින්ම ගිලහී යන අයුරු ක්‍රිකට් ලෝකය පුරා විසිර යමින් ඇත.


ශ්‍රී ලංකාව වාර්තා පොත් අලුත් කරන්නට මැදිහත් වී ක්‍රියා කළ තරගයේ ලකුණු සටහනට පහතින් පිවිසිය හැකිය.තරගයේ දින දෙකක් අවසන්ව තිබෙන අතර තව දින තුනක් ඉතිරිව තිබේ.පිතිකරුවන් ලෙස නම බැදුණු ක්‍රීඩකයින් අට දෙනෙක් සමඟ පිටියට පිවිස සිටින බංගලාදේශය සහ ප්‍රභාත් ජයසූරිය ද සකීබ් අල් හසන් මෙන් සිය පන්දුව දඟ කැවීමට ගනු ලබන උත්සාහය සමඟ තරගයේ ඉදිරි දින තුන ගෙවෙනු ඇත.
https://www.espncricinfo.com/series/bangladesh-vs-sri-lanka-2023-24-1419819/bangladesh-vs-sri-lanka-2nd-test-1419831/full-scorecard

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan