මහජනයාගේ දේපළවලට මහා පරිමාණයෙන් කරලා තිබෙන අපරාධවල ඉතිහාසයයට වැළලෙන්න දෙන්න එපා – අනුර

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 01, , කොළඹ (LNW): ජාතික ජන බලවේගයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කියා සිටින්නේ, තමා වෙත මහා පරිමාණ වංචා- දූෂණ ඇතුළත් නව ලිපිගොනු සහිත තොරතුරු කිහිපයක් ලැබී ඇති බවයි.

අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේ ය. තමා සතුව ඇති වංචා-දූෂණ සහිත ෆයිල්වලට මේ වන විට ජනාධිපතිවරයාගේ සිට ඇතැම් මන්ත්‍රිවරුන් ‍ෙදාස් පවරන නමුත් බහුතරයක් දෙනා තිගැස්සී සිටින්නේ ද එම වංචා, දූෂණවලට ඔවුන් හවුල්කරුවන් වන නිසා බවයි.

අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසූවේ,

“පැරැණි වංචා – දූෂණ පිළිබඳ තොරතුරු වගේම අලුතින් සිදුවන වංචා – දූෂණ ගැන විශාල තොරතුරු ප්‍රමාණයක් අප වෙත ලැබී තිබෙනවා. ඇතැම් ලිපිගොනු මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ “යටගසා” තිබෙනවා. තවත් ඒවා අල්ලස් දූෂණ කොමිෂන් සභාවේ කබඩ් යට හිරවෙලා. තවත් පැමිණිලි නීතිපති දෙපාර්තමේන්තුවේ මේසෙ උඩ තියෙනවා.

මේ සියල්ලගෙන් ම පෙන්නුම් කරන්නේ මහජනයාගේ දේපළවලට මහා පරිමාණයෙන් කරලා තිබෙන අපරාධවල ඉතිහාසය යි. මේ සියල්ලට ම වගකිව යුත්තන් නීතිපති දෙපාර්තමේන්තුව හමුවට යා යුතු ම වෙනවා. විශේෂයෙන් ම ජාතික ජන බලවේගයේ පාලනයක් යටතේ මේවට වගකිව යුතු චූදිතයන්ට දඬුවම්දීමට අනිවාර්යෙන් ම කටයුතු කරනවා. මා සතුව ඇති “ෆයිල්” පිළිබඳ ජනාධිපති පමණක් නොවේ, මැති ඇමතිවරුන් පවා හෑල්ලුවට ලක් කරනවා මා දැක තිබෙනවා. නමුත් ඒ හෑල්ලුවට ලක් කරන්නේ ඔවුන් තුළ ඇති භීතියයි. ඒ තරමට ඔවුන් මේ රටේ දේපළ, මුදල් කොල්ලකා තිබෙනවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියාවේදී තුන් ඉරියව්වෙන් හැඩ පෙන්නන වෙනුකි විහන්සා

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: පානදුර ශාන්ත අන්තෝනි බාලිකාවේ...

අපේ කාලය අවසන්. දැන් Zen Beta පරපුරට පක්ෂය භාරකරන්න කාලය හරි – එජාප නායක රනිල්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිවිල් යුද්ධය නිමවීමෙන් පසු උපන් ‘සෙන් බීටා’...

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...