තායි එයාර්වේස් ගුවන්යානයක් වසර 04කට පසු මෙරටට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 01, , කොළඹ (LNW):තායි එයාර්වේස් ගුවන් සමාගමට අයත් TG 307 දරණ ගුවන්යානය වසර හතරකට පසු ඊයේ (31) රාත්‍රී 11.55ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ලඟා වූ බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය කියා සිටී.

මෙරටට තායිලන්තයේ සිට පියාසර කර ඇති එම යානයෙන් තායි ජාතිකයින් ඇතුළු විදේශීය සංචාරකයින් 150 දෙනෙකු මෙරටට පැමිණ තිබෙන බව සඳහන් වේ.

කටුනායක ගුවන් තොටුපල බලධාරීන් පවසන්නේ, මෙම ගුවන්යානය අද පෙ.ව.7.05ට නැවත තායිලන්තය බලා පියාසර කර ඇති අතර, සෑම දිනකම තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් මෙහෙයුම් සිදු කෙරෙන බවයි.

මෙම ගුවන්යානය සහ සංචාරකයින් පිලිගැනීම සඳහා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තයට පැමිණ සිටි බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිහින්තලේ වනචාරියා:සම්බුද්ධ ශාසනයට සහ චීවරයට දැවැන්ත අපහාසයක්!

කොළඹ LNW: රජයේ කැබිනට් ඇමතිවරයෙක් විසින් මිහින්තලේ නායක හාමුදුරුවන්ට...

සංවිධානාත්මක අපරාධකරුවන් 95කට රතු වරෙන්තු!

කොළඹ LNW:විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට...

ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයෙන් රු.මි. 12.3ක් මහා භාණ්ඩාගාරය!

කොළඹ LNW:කම්කරු අමාත්‍යංශය යටතේ ඇති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා...