අගමැති ආර්යාවට විරෝධය පා නුවර එළියේදී ජනතා උද්ඝෝෂණ … !

Date:

නුවර එළිය නගරසභාව විසින් අද (01) සිට ආරම්භ කළ වසන්ත උදානය සැණකෙළියේ සමාරම්භක උත්සවය නවත්වන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් දැඩි උද්ඝෝෂණයක් හා විරෝධතාවක් ආරම්භ කර තිබේ.

ඒ, වසන්ත උදානය සමාරම්භක උත්සවයට අගමැති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය පැමිණීමට නියමිත බව ප්‍රචාරය වීමත් සමගය.

මෙම උත්සව භූමියට පෙළපාලියකින් පැමිණි ප්‍රදේශවාසීන් එහි සිට විරෝධතාව දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ දේශපාලනඥයින්ගෙන් තොරව එය පවත්වන ලෙසයි.

එමෙන්ම ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහභාගී වීමට නියමිත බව වාර්තා වූ නුවර එළිය කාල්ටන් පෙර පාසලේ අවුරුදු උත්සවයට ද ජනතාව පැමිණ විරෝධය දක්වා ඇති බව වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...