*
Friday, April 26, 2024
spot_img

Latest Posts

භාරකාර ආණ්ඩුවකට රට බාරදෙන්න, නැත්තං අපි ස්වාධීන වෙනවා – SLFP

රට මුහුණ දී සිටින අර්බුදයෙන් රට බේරා ගැනීමට වත්මන් ආණ්ඩුවට හැකි බවට රටේ බහුතර ජනතාව තුළ කිසිදු විස්වාසයක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එනිසා භාරකාර ආණ්ඩුවකට රට බාර දී වත්මන් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවයි ශ්‍රීලනිපය අවධාරණය කරන්නේ.

වත්මන් අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රීලනිප නායකයන්ගේ හදිසි හමුවක් අද පැවැත්විණි. මෙම හමුව අවසානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රීලනිප ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ බව සඳහන් කළේය.

මීට පෙර ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර බවත්, ඊට අමතරව සර්ව පාක්ෂික සමුළුවේදී යෝජනා 22 ක් ආණ්ඩුවට ඉදිරිපත් කළ බවත් පෙන්වා දෙන දයාසිරි ජයසේකර මහතා පවසන්නේ ඒ සම්බන්ධයෙන් මේ දක්වා ආණ්ඩුවේ නායකයන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.

මෙම තත්වය හමුවේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක් ලෙස ශ්‍රීලනිපයට තීරණයක් ගැනීමට සිදුවන බවද ශ්‍රීලනිප ලේකම්වරයා සඳහන් කරනවා. භාරකාර ආණ්ඩුවකට රට බාර දී අර්බුද විසඳීමට අවස්ථාව ලබාදිය යුතු බවත්, ඊට ආණ්ඩුවේ නායකයන් එකඟ නොවන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට හෝ විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කරන බවද ඔහු අවධාරණය කරනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan