සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු පැහැරගෙන ගිහින්. මෝදර පොලිසිය දන්නෑ කියයි ?

Date:

මේ දිනවල ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක සාමකාමී විරෝධතා උද්ඝෝෂණ වැඩපිළිවෙලේ ප්‍රමුඛ ක්‍රියාකාරිකයකු වූ තිසර අනුරුද්ධ බණ්ඩාර ඊයේ (02) මධ්‍යම රාත්‍රියේදී නිවසට පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ.

ඔහුව පැහැරගෙන යාම සඳහා සිවිල් ඇඳුමින් සැරසී ඔහුගේ නිවසට පැමිණ පිරිස පවසා ඇත්තේ තමන් මෝදර පොලිස් ස්ථානයේ නිලධාරීන් බවයි.

කෙසේවෙතත් අද පෙරවරුවේ ඔහුගේ හිතවතුන් සහ මාධ්‍යවේදීන් කළ විමසීමකදී මෝදර පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එවන් තරුණයෙකු අත් අඩංගුවට ගැනීමක් සිදු නොකළ බවකි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇත.

Update – 01.58 pm

මෙම තරුණයා මෝදර කොට්ඨාශ විමර්ශන ඒකකයේ රඳවාගෙන සිටින බවත් අද පස්වරුවේ අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවත් පොලිසිය මානව හිමිකම් කොමිසමට දැනුම් දී ඇති බව වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 500කට විනය පියවර

සටහන - රුවන් නෙළුගොල්ල මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 500ක...

වැසූ බව කී පිට්ටනියේ ගැසූ පාපන්දුවල ජයග්‍රහණ සෝන්ඩර්ස්ට සහ මුතුවැල්ලට

නිශ්මං රණසිංහ ජනවාරි 05, කොළඹ LNW: බසනාහිර පළාත් පාපන්දු සම්මේලනය...

වෙනිසියුලාවේ තවත් ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප්ගෙන් තර්ජන

රෂිකා හෙන්නායක ජනවාරි 05 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාවේ මධුරෝ...