*
Friday, April 19, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ගැන ආපසු සිතා බැලීම – අහිලන් කදිර්ගාමර්

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ගැන ආපසු සිතා බැලීම – අහිලන් කදිර්ගාමර් 

ආචාර්ය අහිලන් කදිර්ගාමර් සමග හිමාල් සවුත් ඒෂියන් සඟරාව කළ Rethinking Sri Lannka’s Economic Crisis හිසින් පල වූ සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය. 

පසුගිය මාස කිහිපය තුල ශ්‍රි ලංකාවේ uත්සන්න ෙවමින් තිෙබන ආර්ථික අර්බුදය පිලිබඳ කලාපීය හා ජාත්‍යන්තර මාධ්‍යවල අවධානය යොමුවනු දක්නට ලැබුණි. මේ බොහෝ මාධ්‍ය ආවරණයන්ගේ අවධානය යොමුව තිබුණේ විදේශ ණය බර, බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම සඳහා uවමනා ෙකෙරන විදේශ විනිමය සංචිත හිඟවීම ආදී වූ අර්බුදයේ ප්‍රකාශිත ලක්ෂණ ෙකෙරහිය. රටේ දේශපාලන ආර්ථිකයේ දිගුකාලීන ලක්ෂණ හා වත්මන් අර්බුදය හා ඒ අතර වන සම්බන්ධතාවය ආවරණය වනු eතරම් දක්නට නොලැබේ. පසුගිය දශක කිහිපය තුල ලංකාවේ ආණ්ඩු අනුගමනය කල ප්‍රතිපත්තිමය තීරණ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෝවිඩ් වසංගතය බඳු කම්පනයන්ට වඩාත් බරපතල ෙලස නිරාවරණය කිරීෙමහිලා හේතු වූවාද? ශාස්ත්‍රඥයන් හා මත සම්පාදකයන් මහජන අවකාශය තුල ආර්ථිකය පිලිබඳ සාකච්ඡා කරන්නේ ෙකසේද? වත්මන් ආණ්ඩුව අභියස තිෙබන යථාර්තවාදී තෝරාගැනීම් මොනවාද? 

අහිලන් කදිර්ගාමර් සමග අප කල සම්මුඛ සාකච්ඡාවේ දී අප විසින් ෙමම ප්‍රශ්න සාකච්ඡා කෙලමු. දේශපාලන ආර්ථික විද්‍යාඥෙයක් වන අහිලන් කදිර්ගාමර් යාපනය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරෙයක් වන අතර uතුරු පලාත් සමූපකාර සංවර්ධන බැංකුවේ ගරු සභාපතිධූරය ද uසුලයි. පවතින අර්බුදය පිලිබඳ දීර්ඝකාලීන පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරන කදිර්ගාමර් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ගමන් පථය හා eහි ව්‍යුහාත්මක ලක්ෂණ ෙමන්ම ආර්ථිකය පිලිබඳ විවාදය වර්තමානයේ රාමුගත වී තිෙබන ආකාරය සාකච්ඡා කරයි. 

*** 

ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික අභියෝගය සහ වර්තමානය ෙවත පසුබිම් වූ දීර්ඝකාලීන දේශපාලන ආර්ථික ප්‍රවණතා oබ පැහැදිලි කරන්නේ ෙකසේද? 

මේ 1948 නිදහස ලැබුවාට පසුව ලංකාව මුහුණ දුන් වඩාත්ම බරපතල අර්බුදයයි. වර්තමාන මොහොත 1930 ගණන්වල පැවැති තත්වයට ; eනම් ලංකාව මහා ආර්ථික අවපාතයේ බලපෑමට වගේම විශාල වශෙයන් දුක්ඛ දෝමනස්සයන්ට හේතු වූ මැලේරියා වසංගතයට මුහුණ දී සිටි යුගයට eක්තරා අතකින් සමානයි. කෝවිඩ් 19 වසංගතය නිසා සෞඛ්‍යමය වශෙයන් හදිසි තත්වයක් හා සැලකිය යුතු ආර්ථික පාඩුවක් æති වී තිෙබන අතර අෙනක් අතට

ලංකාව මුහුණ පා සිටින වත්මන් ආර්ථික අර්බුදය වසංගතයට වඩා දිගු ඉතිහාසෙයක් තිෙබන පුලුල් හා දීර්ඝකාලීන ක්‍රියාවලියක ප්‍රතිඵලයක්.  1970 ගණන්වල ආර්ථික ලිබරල්කරණ ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කලාට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය සෑම විටම අර්බුදභරිත eකක් ෙලසයි පැවැතුණේ. දකුණු ආසියානු කලාපය තුල ව්‍යුහාත්මක ගැලපුම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කල පලමු රට,  නව ලිබරල් ගමනක් ආරම්භ කල පලමු රට ලංකාවයි. ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් හඳුන්වා දුන්, ‘විවෘත ආර්ථික ප්‍රතිසංස්කරණ’ නමින් රට තුල ප්‍රචලිත වූ ෙමම ආර්ථික ෙවනස්කම් ක්‍රියාවට දැමුණේ සුලුතර ජන කොටස් පමණක් නොව පුලුල් වශෙයන් වෘත්තීය සමිති හා වාමාංශය ද මර්දනයට ලක්කල අධිකාරිවාදී පාලනයක් ගොඩනගා ගැනීම හරහා. ජයවර්ධන ආණ්ඩුව 1979  ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සම්මත කල හැටි හා ෙදමල සුලුතරයට eෙරහි කෝලාහලවලට දායක වූ හැටි අපට මතක නමුත්, eම ආණ්ඩුව 1980 ජූලි මාසයේ දී වෘත්තීය සමිති මර්දනයට ලක්කල විධිහ eතරම් කථාබහට ලක්වන්නේ නැහැ. දස දහස් ගණන් කම්කරුවන් රැකියාවලින් දොට්ට දැමුණු අතර කම්කරුවන් සංවිධානය කිරීම සදහා වූ ඉඩ ඉතාම සීමාසහිත කල නිදහස් ෙවලඳ කලාප ස්ථාපිත ෙකරුණා. ෙමම ප්‍රහාරය ෙකතරම් බලගතු වීද යත් තවමත් කම්කරු ව්‍යාපාරය eම පසුබෑෙමන් ගොඩ අවුත් නැහැ. 

1970 ගණන් අගභාගයේ ආර්ථිකය විවෘත කිරීමත් සමග සිදු වූ බටහිර රටවල ප්‍රාග්ධනය පොම්ප වීම නිසා නිර්මාණය වූ ආර්ථික බුබුල 1982 පමණ වන විට සිදී යමින් පැවතුණි. 1983 ජූලි මස æති කල භයානක ජාතිවාදී කෝලාහල වූ කලී ජයවර්ධන රජය විසින් මහජන අවධානය ආර්ථික කඩා වැටීෙමන් ෙවනතකට හැරවීම සදහා කල uත්සාහයක්. ඉක්බිති හටගත් සිවිල් යුද්ධය නිසා රජයේ අවධානය යුදකාලීන ආර්ථිකය කලමණාකරනය ෙවත මාරු වූ නිසා නව ලිබරල් ප්‍රතිපත්ති eහි පූර්ණ ආකාරෙයන් ක්‍රියාත්මක වූයේ නැහැ. මේ පසුබිම තුල, eනම් අවුරුදු 26 ක් පුරාවට දිග්ගැස්සුණු අදුරු යුද සමය තුල ගෝලීය ප්‍රාග්ධනයට ලංකාව සම්බන්ධෙයන් වූ uනන්දුව ගිලිහී ගියේය. 2009  වර්ෂයේ අග භාගයේ දී, eනම් යුද්ධය අවසාන වීම හා රාජපක්ෂ ආණ්ඩුව විසින් ස්ථාපිත කල අධිකාරිවාදී ස්ථායීතාවයේ පසුබිම තුල තමයි නැවත සමපේක්ෂණ කටයුතු සදහා ගෝලීය ප්‍රාග්ධනය රට තුලට ගලා ඒම ආරම්භ වූයේ. 2008  ගෝලීය මූල්‍ය අර්බුදෙයන් පසුව, නැගී eන ෙවලදපොලවල් ෙවත සිදුවූ දැවැන්ත ගෝලීය ප්‍රාග්ධන ගලනය සමග ලංකාව තුල යුද්ධය අවසාන වීම සමපාත වූවා.  ලංකාව නැගී eන ෙවලදපොලක් හා පශ්චාත් ගැටුම් ආර්ථිකයක් ෙලස සැලකුණු අතර යුද්ධෙයන් පසුව ගත වූ මාස 18 ක කාලය තුල කොලඹ කොටස් හුවාමරුවේ අගය හතර ගුණයකින් ඉහල නැංගා. 

මීට දශකයකට ෙපර, අධිකාරිවාදී පාලනයක් හා ෙවලදපොල හිතවාදී ආර්ථික ප්‍රතිපත්තියක් සමග æති වූ ෙමම දේශපාලන-ආර්ථික විපර්යාසය මා ලංකාවේ නව ලිබරල්වාදයේ ෙදවන රැල්ල ෙලස හැදින්වූවා. uග්‍ර වන මූල්‍යකරණය ලක්ෂණ කොට ගත් මේ ෙදවන රැල්ල විසින් තමයි ලංකාව වර්තමාන අර්බුදය ෙවත තල්ලු කොට තිෙබන්නේ. වසංගතය නිසා æති වූ බිද වැටීම් විසින් ෙමම අර්බුදය ඉක්මන් කොට තිෙබනවා.

ආර්ථික අර්බුදය පිලිබද වන ‍ප්‍රසිද්ධ තලයේ සංවාදය තුල බොහෝ කරුණු කථාබහට ලක් ෙවනවා; කෘෂිකාර්මික ප්‍රතිපත්තිවල සිට ෙවලද ෙරගුලාසි දක්වා,  මූල්‍ය ප්‍රතිපත්තියේ සිට විදේශ ණය දක්වා ආදී ෙලස. ආර්ථික අර්බුදයේ æතැම් රෝග ලක්ෂණ ඒවාවල මූලයන්ගෙන් ෙවන් කල හැකිද? 

පසුගිය දශක කිහිපයක ආර්ථික ප්‍රතිපත්ති සෑම ක්ෂේත්‍රයකටම බලපා තිෙබනවා.  ආර්ථිකයේ විවිධ අංශවලට බලපාන විවිධ ප්‍රශ්න කාලයක් තිස්සේ පරිණාමය වූ ඒවා. නිදසුනක් ෙලස ආර්ථික ලිබරල්කරණෙයන් පසුව අප රට අනුගමනය කල කෘෂිකාර්මික ප්‍රතිපත්ති ගත්කල කෘෂිකර්මය සදහා වූ රජයේ ආයෝජනවල ක්‍රමානුකූල පහත වැටීමක් අපට නිරීක්ෂණය කල හැකියි. ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තිය තුල අවධානය යොමු වී තිෙබන්නේ යටිතල පහසුකම් සංවර්ධනය, විදේශ ප්‍රාග්ධනයේ සහයෝගතාවය සහිතව දේපල ෙවලදාම් අංශය ප්‍රවර්ධනය කිරීම හා සංචාරක ව්‍යාපාරය ආදියට. eෙහත් සුලු පරිමාණ කෘෂිකර්මාන්තය හා ආහාර ස්වයං පෝෂීභාවය ආදී පැති නොසලකා හැර තිෙබනවා. මේ නිසා කෘෂිකර්මාන්තය ආදී ෙවන් ෙවන් ක්ෂේත්‍ර ෙදස ෙවන් ෙවන්ව බැලීම වගේම ෙමම ක්ෂේත්‍රවල æති වී තිෙබන ෙවනස්කම් නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති පැකේජයේ ප්‍රතිඵලයක් ෙලස දැකීමත් අවශ්‍ය කරනවා. 

ලංකාවේ පැවති දුබල ආර්ථික තත්වය කෝවිඩ් 19 වසංගතය නිසා තවදුරටත් දුර්වල වූ බවට පොදු eකගතාවයක් තිෙබනවා. වසංගත තත්වයට ප්‍රතිචාරයක් ෙලස ආණ්ඩුව විසින් ගත් සාර්ව ආර්ථික හා ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග කවරේද?  මේ ක්‍රියාමාර්ග පිලිබද oබගේ æගයීම කුමක්ද? 

කෝවිඩ් 19 වසංගතය නිසා æති විය හැකි ප්‍රතිවිපාක බොහොම පැහැදිලිව තිෙබන විට පවා ආණ්ඩුව කලේ වටිනා කාලය නාස්ති කිරීමක්. oවුන් වසංගතය නිසා කිසිවක් ෙවනස් නොවූ ෙලසකට 2019 දී ඉදිරිපත් කල ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ වූ කරුණු ජප කරමින් සිටියා. ෙමය තමයි oවුන් කල ලොකුම වරද. ආර්ථික ප්‍රශ්නය මූල්‍යකරණය හරහා පහසුෙවන් ගොඩ දැමිය හැකි බවට කල්පනා කල oවුන් තම අවධානය ප්‍රධාන වශෙයන් යොමු කලේ 20 වන සංශෝධනය හරහා අධිකාරිවාදී බලය මධ්‍යගත කරගැනීමට. කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් ෙකටුම්පත හරහා uසස් අධ්‍යාපනය හමුදාකරණය කිරීමට හා පෞද්ගලිකකරණය කිරීමට oවුන් uත්සාහ ගත් විට සමාජයේ විවිධ කොටස් වලින් ඊට විරුද්ධත්වය පල වූවා. 2021 අය වැය ඉදිරිපත් කල අවස්ථාව බඳු ෙබෙහවින් කල්ගත වූ මොහොතක තමයි අඩුම තරමින් රට අර්බුදයකට මුහුණ පා සිටින බව ආණ්ඩුව පලමු වතාවට පිලිගත්තේ. 

අර්බුදයේ බර දැෙනන්ට පටන් ගත් විට ජනතාව තම ආර්ථික තත්වය ස්ථාවර කරගැනීම සදහා විකල්ප ෙදස යොමු වූවා. නිදසුන් ෙලස කෘෂිකාර්මික කටයුතු ආදියට යොමුවීම. eෙහත් 2021 මුල භාගයේ හදිසියේ කල කෘෂි රසායනික ද්‍රව්‍ය තහනම නිසා ෙමම uත්සාහයන් ද ව්‍යර්ථ විය. වසංගතය හා රට වසා දැමීම නිසා සිදුවූ ආදායම් කඩා වැටීෙමන් වැඩ කරන ජනතාව, විශේෂෙයන්ම ෛදනික ආදායම් ලබන ජනතාව ෙබෙහවින් පීඩාවට පත්වූවා. ෙවනත් දකුණු ආසියාතික රටවල් සමග බලන විට, අඩු ආදාම්ලාභී ජනතාව ෙවත ලැබුණු සහන ෙබෙහවින් සීමිතයි‍.

පොදු සංවාද තලය තුල ආර්ථික විද්‍යාඥයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් හා මත සම්පාදකයන් ෙමම අර්බුදය සාකච්ඡාවට ලක්කලේ ෙකසේද? රට තුල වන දේශපාලන හා දෘෂ්ටිවාදීමය ෙබදීම්වලට සමාන්තර ෙබදීමක් මේ සාකච්ඡා තුල දක්නට තිෙබනවාද? æතැම් අදහස් මේ සාකච්ඡා තුල වරප්‍රසාදිත තත්වයක් අත්කරෙගන තිබේ යැයි oබ සිතනවාද? 

ආර්ථිකය පිලිබද අර්ථාන්විත විවාදයක් ප්‍රමාණවත් ෙලස දක්නට නැහැ. තමුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය නොපතන බවට ආණ්ඩුව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලත්, oවුන් æත්ත වශෙයන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ෙවත යාම සදහා වූ මං සොයමින් සිටිනවා. විරුද්ධ පක්ෂය, විශේෂෙයන්ම සමගි ජන බලවේගය සිතන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මැජික් යෂ්ඨියක් බවටයි. æතැම් දේශපාලන පක්ෂ ෙමන්ම විශ්ලේෂකයන්ගේ ද අදහස වංචා හා දූෂණ ක්‍රියා නිසා මේ තත්වය æති වී තිෙබන බව හා ඉන්දියාෙවන් හා චීනෙයන් සහයෝගය ලබාගතහොත් ශ්‍රී ලංකාවේ ගැඹුරු අර්බුදය විසදාගත හැකි බව. කොහොම uනත්, අර්බුදයේ පරිමාණය සලකා බලන විට ― මා ෙමම අර්බුදය සංසන්දනය කරන්නේ 1930  ගණන්වල æති වූ මහා අවපාතය සමග ― අපගේ ප්‍රතිපත්තිවලින් රැඩිකල් ෙලස ඛණ්ඩනය වී ගැනීම අවශ්‍ය බව ෙපනී යනවා. eෙහත් eය සිදු වන්නේ නැහැ.  අන්තර්ජාතික මූල්‍ය අරමුදල, ලෝක බැංකුව හා ෙවනත් ජාත්‍යන්තර සංවිධාන විසින් ඉදිරියට දමන ප්‍රතිපත්ති පැකේජ oහේ පුනරුච්චාරණය කරන කුසීතයන් පිරිසක් බවට ශ්‍රී ලංකාවේ ආර්ථික විද්‍යාඥයන් පත්ව තිෙබනවා. අභියෝගය අබියස නැගී සිට, ෙමම ඓතිහාසික අර්බුදය නිර්මාණශීලීව ආමන්ත්‍රණය කිරීමේ හැකියාව oවුන් අහිමි කරෙගන සිටිනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් වැඩිම uනොත් æමරිකානු ඩොලර් බිලියන ෙදකක හෝ තුනක ණය මුදලක් ලැබේවි. eෙහත් 2021 වසර සදහා පමණක් ෙවලද හිගය æමරිකානු ඩොලර් බිලියන 8.1 යි.  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග eකගත්වයක් æති කර ගත යුතු බවට අවධාරණය කරන අයගේ කල්පනාව, eම ණය මුදල ලැබුණහොත්, ජාත්‍යන්තර ප්‍රාග්ධන ෙවලදපොෙලන් ණය ගැනීමට යලිත් අවස්ථාව ලැෙබනු æති බවත්,  සංචාරක කර්මාන්තය යලි සක්‍රීය ෙවන ෙතක් අල්ලා ෙගන සිටියහොත් ෙවලද ශේෂයේ ප්‍රශ්නය විසදා ගත හැකි බවත්ය. eෙහත් eක්සත් ජනපදයේ ෙෆඩරල් රිසර්ව් ආයතනය විසින් කල පොලී අනුපාතිකය ඉහල නැංවීම බදු වූ ගෝලීය තත්වයන්ගේ æතිව තිෙබන ෙවනස්කම්වල පසුබිම තුල යථාර්තය තමයි ණය ගැනීම සදහා වන පිරිවැය ලංකාවට දරාගත නොහැකි ෙලස ඉහල ගොස් තිෙබන බව. අෙනක් අතට, ප්‍රාග්ධන ෙවලදපොලින් තවදුරටත් ණය ගැනීම හා eම ණය මත යැෙපමින් ආර්ථිකය නඩත්තු කිරීම ලංකාව මේ වනවිට uගුලක හසු කොට තිෙබන ණය අර්බුදය තවත් දිග්ගැස්සීමට හේතුවක් ෙවනවා. 

‘නව ලිබරල්’ නම් ෙයදුම æතැම් අංශවල ෙවලද ආරක්ෂණවාදය හා මිල සීමා පැනවීම ආදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කොට තිෙබන වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තීන් නිවැරදි ෙලස විස්තර කිරීමට යොදා ගත හැකිද යන්න සම්බන්ධෙයන් මෑතකාලීනව යම් විවාදයක් මතුව තිෙබනවා. oබ වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය දකින්නේ ෙකසේද? eය æතැම් අය යෝජනා කරන තරම් සරලමතික ෙලස කලු-සුදු යැයි oබ සිතනවාද?

පසුගිය දශක කිහිපය තුල ශ්‍රී ලංකාව තුල දේශපාලන ආර්ථිකය නම් විෂය ධාරාව හා මාක්ස්වාදී විශ්ලේෂණය සම්බන්ධව දක්නට ලැෙබන්නේ අල්ප uනන්දුවක්. නව ලිබරල්වාදය පිලිබද න්‍යායකරණයන් සමග අභිමුඛ වී æත්තේ කිහිප ෙදෙනක් පමණයි. uදාහරණ ෙලස, නව ලිබරල් ව්‍යාපෘතිය පිලිබද වූ විචාරාත්මක සාහිත්‍යය ෙවතින් පෝෂණය ෙවමින් ශ්‍රී ලංකාව තුල සිදුවන වර්ධනයන් වටහා ගැන්ම uෙදසා වූ සම්මන්ත්‍රණයක් අපි තවත් තරුණ ශාස්ත්‍රඥයන් හා සමාජ ක්‍රියාධරයන් සමූහයක් සමග eක්ව 2012 වර්ෂයේ දී සංවිධානය කලා. ලංකාව තුල නව ලිබරල්වාදය පිලිබද විවාදයක් æති කිරීමට ෙමය පසුබිම සකස් කලා. නව ලිබරල්වාදය නම් සංකල්පීය රාමුව ලංකාවේ ආර්ථික පසුබිම විශ්ලේෂණය කිරීම සදහා වැදගත් වන ආකාරය වටහා ගත හැක්කේ අපි රට තුල වන වර්ධනයන් ගෝලීය සන්දර්භයක් තුල බහා තේරුම් ගන්නේ නම් පමණයි.  නිදහස් ෙවලදපොල හා කේවල පුද්ගලයන‍‍්ගේ ක්‍රියාකාරීත්වය uත්කර්ෂයට නංවන දෘෂ්ටිවාදයක් සහිත මූල්‍ය ප්‍රාග්ධනය විසින් දියත් කරනු ලැබූ මහා පරිමාණ පන්ති ව්‍යාෘතියක කොටසක් ෙලස රට තුල සිදුවන දෑ වටහා ගත හැක්කේ eවිටයි.  ෙමම ව්‍යාපෘතිය විසින් ඉතාම ආක්‍රමණශීලී ෙලස සුබසාධන කප්පාදු කිරීමේ ප්‍රතිපත්ති අවධාරණය කරන අතර, ප්‍රාග්ධනයේ අවශ්‍යතාවලට uපකාර කරන තාක් දුරට අධිකාරිවාදී රාජ්‍යයන් ෙවත අනියම් ෙලස සහයෝගය දක්වනවා. 

නව ලිබරල්වාදය පිලිබද වන විශාල සාහිත්‍යය සමග බැරෑරුම් ෙලස අභිමුඛ වීමට අපගේ ශාස්ත්‍රඥයන් හා බුද්ධිමතුන් තවමත් කටයුතු කොට නොතිබීම අවාසනාවක්. eෙහත් ෙමම අඩු uනන්දුව oවුන්ගේ පන්ති ස්වභාවය ෙවතින් ගලා eන්නක් ෙලසයි මා දකින්නේ. විදේශ ආධාර මත යැෙපන පර්යේෂණ ව්‍යාපෘති හෝ බටහිර රටවල විශ්ව විද්‍යාල විසින් ප්‍රවර්ධනය කරන නව සම්භාව්‍ය ආර්ථික විශ්ලේෂණය ෙවත oවුන් දක්වන පක්ෂපාතීත්වය පන්තිමය කරුණක්. ගෝලීය දකුනේ ෙවනත් රටවල්වලත් අඩු වැඩි වශෙයන් ෙමම තත්වය දැකගත හැකි වූවත් මේ අදහස්වලට eෙරහි ප්‍රතිරෝධය දැක්වීම් මේ රටවල පවතිනවා. විශේෂෙයන්ම අර්බුද සමයන් හීදී විකල්ප විසදුම් සම්බන්ධෙයන් වූ විවාදයන් æති කිරීම ෙකෙරහි ෙමම ප්‍රතිරෝධය දැක්වීම් මග පාදනවා. නිදසුන් ෙලස ඉන්දියාව ගත් විට, නව දිල්ලිය කේන්ද්‍ර කොට ගත් ආර්ථික පර්යේෂණ පදනම විසින් කරනු ලබන ප්‍රකාශනයන් මවිසින් සමීපව පරිහරණය කරනවා. ලංකාව තුල ෙමබදු ව්‍යායාමයක් අපි දකින්නේ නැත. 

1970 අග ගණන්වල සිට ලංකාව තුල සිටි සියලු ආණ්ඩු නව ලිබරල් ප්‍රතිපත්තීන් අනුගමනය කල බවයි මගේ මතය. 2009 යුද්ධය අවසාන වීමත් සමග ෙමම ප්‍රවණතාවය වඩාත් uග්‍ර වූවා. විවිධ ආණ්ඩු, මුදල් අමාත්‍යවරුන් හා මහ බැංකු ප්‍රධානීන් ෙමම ප්‍රතිපත්ති පැකේජය ක්‍රියාත්මක කරන ආකාරයේ යම් යම් ෙවනස්කම් තිබුණත් oවුන්ගේ ප්‍රවේශය නව ලිබරල් දැක්ම විසින් හැඩගස්වන ලද eකක්. නිදසුන් ෙලස රාජපක්ෂ ආණ්ඩුව තම දැඩි ෙවලදපොල හිතවාදී ප්‍රතිපත්තිය සුබසාධනවාදයේ හා ග්‍රාමීය ජන ජීවිතය නගා සිටුවීමේ අලංකාරෝක්තිෙයන් වසං කරනවා. eෙහත් මූල්‍ය අංශයට oවුන් ලබාෙදන වරප්‍රසාදිත තත්වය හා මහජන සේවාවලට කරනු ලබන අඩු ආයෝජන ෙදස බලන විට, oවුන්ගේ නව ලිබරල් පක්ෂපාතීත්වය නොදැක සිටීම අපහසුයි.

පසුගිය මාස කිහිපය තුල ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිලිබද අන්තර්ජාතික මාධ්‍යයේ සැලකිය යුතු ආවරණයක් ලැබී තිෙබනවා. ෙමම ආඛ්‍යාන මොන තරම් දුරට නිවැරදි යැයි oබ සිතනවාද? අෙනක් අතට, ඉන්දීය සාගර කලාපය තුල පවතින භූදේශපාලනික ගැටුෙමහි පසුබිම විසින් ෙමම මාධ්‍ය වාර්තාකරණයන්ගේ ස්වභාවය හැඩ ගැස්වෙන බව දක්නට ලැෙබනවා. 

මගේ අදහස තමයි ලංකාවේ බිම් මට්ටමේ යථාර්තයන් ෙවතට අවධානය යොමු කරනු ෙවනුවට අන්තර්ජාතික මාධ්‍ය වාර්තාකරණය ඉන්දියාව හා චීනය සම්බන්ධ භූදේශපාලනික කාරණාවලට අනවශ්‍ය අවධාරණයක් ලබා දී තිෙබන බව.  අන්තර්ජාතික මාධ්‍යයේ හා පර්යේෂණ ආයතනවල පාර්ශවෙයන් ගත්කල ෙමය පටු ප්‍රවේශයක්. මීට වසර ගණනාවකට ඉහත මා අවධාරණය කලා අප බිය විය යුත්තේ චීන ණය සම්බන්ධව නොව ප්‍රාග්ධන ෙවලදපොලින් ලබාගන්නා ස්වෛරීත්ව ණය සම්බන්ධෙයන් බවට. අපගේ විදේශ ණයවලින් චීනයට අදාල පංගුව සියයට 10 ක් පමණ වන විට, ස්වෛරීත්ව බැදුම්කර වල පංගුව සියයට 40 යි.  ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනය සමග ශ්‍රී ලංකාව වඩාත් ඒකාබද්ධ කරමින් සිදුවන ආර්ථිකයේ නව ලිබරල්කරණය විසින් ලංකාව වඩාත් බරපතල අර්බුදයකට æද දමනු æති බවට මා තර්ක කලා. මේ ගැන eකල අවධානය යොමු කලේ ස්වල්ප ෙදෙනක්. eෙහත් මේ වනවිට අර්බුදයක් මතුව තිෙබන තතු යටතේ හැමෙදනාම වාගේ ස්වෛරීත්වය බැදුම්කර ගැන කථා කරන්ට පටන් ෙගන තිෙබනවා. 

ශත වර්ෂ පහක යටත්විජිත ඉතිහාසෙයක් æති රටක් ෙලස ලංකාවේ ආර්ථිකය භූදේශපාලනික මැදිහත්වීම්වලට අඛණ්ඩව මුහුණ පා තිෙබනවා. අන්තර්ජාතික ෙවලදාමේ පසුබිම තුල ලංකාව හැමදාමත් පැවැතියේ පරායක්ත රටක් ෙලස. මේ නිසා ගෝලීය දේශපාලන ආර්ථිකයේ සිදුවන ෙවනස්කම් සෑම විටම මෙ‍ම දූපත ෙකෙරහි බරපතල ෙලස බලපෑවා. අපගේ තත්වය පුලුල් ගෝලීය ප්‍රවණතාවලට සාපේක්ෂව දැකීම අවශ්‍ය වූවත්, eය හුෙදක් ගෝලීය කථාවකට ලඝු නොකොට ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිලිබද ප්‍රශ්නය ගෝලීය පසුබිම තුල සන්දර්භගත කරන්නේ ෙකසේද යන්න වැදගත් ෙවනවා. මා මේ ප්‍රශ්නය ලංකාවේ æතැම් වාමාංශිකයන් තුලත් දකිනවා. eක්සත් ජනපදය හා චීනය පිලිබද ස්ථාවරයක් ගැනීම ලංකාවේ පන්ති ප්‍රශ්නය විසදීම හා තත්‍යසමාන eකක් ෙලස සමහර වාමාංශිකයන් සලකනවා. 

පසුගිය දවස්වල ෆිට්ච් හා ස්ටෑන්ඩර්ඩ් æන්ඩ් පුවර් ආදී ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ලංකාවේ දිගුකාලීන ස්වෛරීත්ව ණය ෙගවීමේ හැකියාව පිලිබද අවාසිදායක පුරෝකථනයක් සිදුකලා. ලංකාවට ප්‍රමාණවත් තරම් විදේශ විනිමය සංචිත පවත්වා ගැනීමට අපහසු වීෙමහිලා ෙමම පුරෝකථනය බලපා තිෙබනවා. මේ ආයතනවල තක්සේරුව ෙකතරම් නිවැරදිද? අප ඒවා මොන තරම් බැරෑරුම්ව සැලකිය යුතුද?  පොදුවේ ගත්කල ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනවල දේශපාලනය හා ආර්ථික ප්‍රතිපත්ති සහ තීරණ ෙකෙරහි ඒවා බලපාන ආකාරය පිලිබද oබගේ අදහස කුමක්ද? 

ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන, ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ ගෝලීය මූල්‍ය අර්ථපතීන් යන පාර්ශව eකිෙනක සමග සම්බන්ධයි. මූල්‍ය ප්‍රාග්ධනය ෙහජමොනික වී තිෙබන පසුගිය දශක හතරක කාලය තුල ෙමම තත්වය වඩාත් බලගතු වී

තිෙබනවා. මේ නිසා ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන මධ්‍යස්ථ නැහැ. ගෝලීය ප්‍රාග්ධනය ගලා යන දිශාව තීරණය කිරීෙමහිලා oවුන් ෙවත සැලකිය යුතු බලයක් තිෙබනවා. මේ නිසා ස්වයං ෙලස සනාථ වන අනාවැකි පල කිරීමේ හැකියාවක් oවුන් ෙවත පවතී. ශ්‍රී ලංකාවට ප්‍රමාණවත් තරම් වි‍දේශ විනිමය ෙවත ප්‍රවේශ විය නොහැකි බවට පවසමින් ශ්‍රේණිගත කිරීම පහල ෙහලන විට බැදුම්කර ෙවලදපොල තුල ශ්‍රී ලංකාවට අවාසිදායක තත්වයක් æති වන අතර විදේශ ණය ලබාගැනීම අපහසු ෙවනවා. 

අවසාන වශෙයන් අපිට කියන්න, පවතින ආර්ථික වාතාවරණය තුල ලංකාව කල යුතු දේ කුමක්ද? සුබසාධනය කප්පාදු කිරීම දිශාවට නැඹුරු වූ ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසා දුගීභාවයට වැටීමේ අවදානම සහිත ජනතාව ආරක්ෂා කරන ගමන්, රටේ රාජ්‍ය මූල්‍ය තත්වය ඉහල නැංවීමේ විධික්‍රම රජය ෙවත පවතිනවාද? 

ආනයන අපනයනවලට වඩා සියයට අසූවක් තරම් ඉහල අගයක් ගන්නා ලංකාවේ ෙවලද ශේෂය ගත්කල, කවර සංවර්ධන ප්‍රතිපත්තියක් අනුගමනය කලත්,  හුෙදක් බාහිර ෙවලදපොලට ස්වාධීනව ක්‍රියාත්මක වීමට ඉඩ හැරියොත් ආනයනවල වටිනාකම සමග අපනයන අගයට සමවීමට නම් විශාල කාලයක් ගත වන බව පැහැදිලියි. ආනයන සීමා කොට, අත්‍යවශ්‍ය භාණ්ඩ වන ආහාර සහ ඖෂධ සහ අතරමැදි භාණ්ඩ වන නිෂ්පාදනය, දේශීය පරිභෝජනය හා අපනයන සදහා වැදගත් වන ඉන්ධන ආදියට ප්‍රමුඛතාවය ලැෙබන ෙලස ආනයන සංයුතිය ෙවනස් කිරීම හැර ආණ්ඩුවට ෙවනත් විකල්පයක් නැහැ. ෙමබදු ආනයනවලට ප්‍රමුඛතාවය දීමට නම්, රජයට සිදු ෙවනවා රාජ්‍ය මූලික ෙබදාහැරීමේ පද්ධතියක් ස්ථාපිත කිරීමට. ආනයනවල වගකීම eවිට රජය විසින් පවරා ගත යුතු ෙවනවා. eෙහම නැතිනම් ෙවන ‍දේ තමයි, පසුගිය අවුරුදු ෙදකක කාලය තුල සිදුවූ ෙලස,  පෞද්ගලික ව්‍යාපාරිකයන් දිගටම සුඛෝපභෝගී අයිතමයන් ආනයනය කිරීම.  ආනයන ප්‍රමුඛතාකරණයට ලක්කිරීමක් පුද්ගලික ෙවෙලන්දන්ගෙන් අපේක්ෂා කල නොහැක. 

2019 දී බදු කපා හැරීමට ජනාධිපති රාජපක්ෂ ගත් තීන්දුව නිසා රජයේ ආදායම ඉතිහාසයේ අඩුම අගය වූ දල දේශීය නිෂ්පාදිතෙයන් සියයට නමය දක්වා පහත වැටුණා. ෙමහි ප්‍රතිඵල ෙලස, ෙමම බරපතල අර්බුදය හමුවේ අපහසුතාවයට පත්වන ජන කොටස්වලට සහනයක් සැලසීමට ආණ්ඩුවට නොහැකි වී තිෙබනවා. වක්‍ර බදු හරහා තවදුරටත් ජනයා පීඩාවට පත්කිරීම කල නොෙහන නිසා, සෘජු ආදායම් බදු නිසා uනත් අපහසුතා æති විය හැකි නිසා; ආර්ථිකය සංකෝචනය ෙවමින් තිෙබන පසුබිමක, ආදායම් සිදී යමින්, ජීවන වියදම වැෙඩමින් පවතින සන්දර්භයක, රජය ධන බද්දක් පනවමින් eකී ධන බද්ද හරහා uපයා ගන්නා ආදායම ජනතාවට සහන සැලසීම සහ ආර්ථිකය අර්බුදෙයන් ගොඩගැනීම සදහා අවශ්‍ය රාජ්‍ය ආයෝජන වැඩි කිරීම uෙදසා ෙයදවීම අවශ්‍යයයි.  ෙමම ආයෝජන මගින් දේශීය නිෂ්පාදනය ෛධර්යයමත් කිරීම සදහා අවශ්‍ය ඉල්ලුම ප්‍රේරණය කල හැක.  

අප මේ පසු කරන්නේ බැරෑරුම් සමයකි. ගෝලීය ඉතිහාසෙයන් uදාහරණයක් ගන්නේ නම්, වත්මන් අර්බුදය 1920 හා 1930 ගණන්වල වූ අර්බුදය හා සමාන්තර වූවකි. ඒ කාලයේ ලෝකයා අබියස වූ විකල්පයන් වූයේ කොමියුනිස්ට්

විප්ලවය හෝ ෆැසිස්ට්වාදයයි. ෙමම අර්බුදයේ පසුබිම තුල, ජෝන් ෙමනාඩ් කේන්ස් ෙබෙහවින් ෙවනස් ආර්ථික ප්‍රවේශයක් ඉදිරිපත් කලා. පසුව සමාජ සුබසාධන රාජ්‍යයන් තුල මූර්තිමත් වූ ප්‍රතිපත්ති සමුදාය ඉදිරිපත් වූයේ ෙමම ප්‍රවේශයට සමගාමීව. ධනවාදය බේරුනේ මේ ප්‍රවේශය නිසා. අප ජීවත් වන යුගයත් මීට සමානයි. eකම ප්‍රශ්නය තමයි, ආර්ථිකය ගැන යල් පැන ගිය අදහස් පුනරුච්චාරණය කරනු ෙවනුවට රාමුෙවන් පිටත සිට සිතමින් කටයුතු කරන්ට ලාංකික ජනතාව සූදානම්ද යන්න. අපි කැමති වූවත් නැතත්, රැඩිකල් ෙලස ෙවනස් සංස්ථාවන් බිහිවීම ද æතුලු තීරණාත්මක ෙවනස්කම් ඉදිරියේ දී æති වේවි. 1930 ගණන්වල අර්බුදෙයන් පසුව නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවාව හා ආහාර සහනාධාරය ආදී වූ ප්‍රතිපත්ති බිහිවූ ෙලස හෝ 1970  ගණන්වල අර්බුදෙයන් පසුව සමාජය හා රාජ්‍යය ප්‍රතිව්‍යුහගත කල නව ලිබරල් ප්‍රතිපත්ති ඉස්මතු වූ ෙලසට යන කවර හෝ ආකාරෙයන් ෙවනස්කම් අපේක්ෂා කල හැක. 

විවිධ වූ ඉල්ලීම් මත සමාජයේ බහුවිධ කොටස් ෙවතින් සටන් පැන නගින ආකාරය අපිට මේ වනවිට දක්නට පුලුවන්. වෘත්තීය සමිති අරගල හා ගොවි uද්ඝෝෂණ මීට uදාහරණ. වැඩකරන ජනතාව තම ඉල්ලීම් ඉදිරියට දමන ආකාරය හා ප්‍රභූපිරිස් හා පාලක පන්තීන් ඊට ප්‍රතිචාර දක්වන ආකාරය අනුව අනාගතය තීන්දු වීමට නියමිතයි. පසුගිය දශක හතරක කාලය තුල ලංකාව තුල ප්‍රභූ පන්තිය ගතකල අධිකතර ජීවිතය ; oවුන් කල අධම  ප්‍රාග්ධන සමුච්චනය හා අති සුඛෝපභෝගී පරිභෝජනය සිදුවූයේ æගලුම් කම්හල්වල, තේ වතුවල කම්කරුවන්, සංක්‍රමණික ගෘහ සේවිකාවන් හා අවිධිමත් අංශයේ කම්කරුවන් ආදී වූ වැඩ කරන ජනතා කොටස්වල සුබසිද්ධිය කැප කරමින්. eෙහත් මේ මාවත eහි තාර්කික අවසානය ෙවත eලැඹ තිෙබනවා. වසංගතය විසින් æති කල විනාශය පසුපස සැගව තිබූ, eෙහත් වැෙඩන ආර්ථික අර්බුදය සමග eලියට eමින් තිෙබන පන්ති අරගලය විසින් අපගේ අනාගතය තීන්දු කරාවි‍. 

පරිවර්තක – රමිඳු ෙපරේරා

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan