ගමේ යන්නත් නෑ, රට යන්නත් නෑ. මාර වැඩේ පොහොට්ටුවේ මැති ඇමතිලාට වුණේ …

Date:

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රැසකට සිංහල – දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා සිය ගම්වලට යාමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වේ.

ගමට ගොස් සිය පාක්ෂිකයින්ට මුහුණ දීමට නොහැකි නිසාත් පීඩාවට පත්ව සිටින ජනතාව තමන්ට පහර දෙතැයි යන බිය නිසාත් ඔවුන්ට මෙසේ ගමට යාමට නොහැකි වී ඇති බව සඳහන්.

එමෙන්ම අලුත් අවුරුදු සමයේදී පිටරට සිටින සිය දරුවන් ඇතුළු සමීප ඥාතීන් හමුවීම සඳහා විදෙස්ගත වීමට සැලසුම් කරගෙන සිටි මැති ඇමතිවරුන්ට ද එසේ විදෙස්ගත වීමට නොහැකි තත්වයක් දැන් වනවිට නිර්මාණය වී තිබේ.

ඒ, මේ මොහොතේ ඔවුන් විදෙස්ගත වුවහොත් ඔවුන් රටින් පළාගිය බවට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ අනිවාර්යයෙන්ම ප්‍රචාරණය වන නිසාය.

ඒ අනුව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රැසක් මේ වනවිට කොළඹ පිහිටි තම පෞද්ගලික නිවාස හෝ නිල නිවාසවලට වී කණස්සල්ලෙන් පසුවන බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...