ජනතා විරෝධය හමුවේ මැති ඇමතිවරුන් සියලු උත්සව රැස්වීම් වර්ජනය කරයි

0
1087

රටේ මතුව ඇති අර්බුදකාරී තත්වය හේතුවෙන් උත්සව අවස්ථා, රැස්වීම් සඳහා සහභාගිවීමෙන් වැළකී සිටීමට මැති ඇමතිවරුන් තීරණය කර තිබෙනවා.

අනුරාධපුරයේදී පැවති අලුත් සහල් මංගල්‍යය සඳහාද මැති ඇමතිවරුන් කිසිවෙකුත් සහභාගි වී නොමැති බවයි වාර්තා වන්නේ. මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් උත්සවය පැවැත්වීමට සංවිධානය කර තිබූ නමුත් ඒ සඳහා දේශපාලනඥයන් කිසිවෙකුත් සහභාගි වී නොමැත. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා, ගොවිජන සංවර්ධන කොමසාරිස්වරයා ඇතුළු රාජ්‍ය නිළධාරීන්ගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි.

මේ අතර චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්යෙන් ඊයේ සූරියවැව ප්‍රදේශයේදී ඉඩම් ඔප්පු බෙදාදීමේ උත්සවයක් සංවිධානය කර තිබූ නමුත් ඇමතිවරයා ඊට සහභාගි වී නොමැත. අවසන් මොහොත දක්වාම ඇමතිවරයා ඊට සහභාගි වන බවට ප්‍රකාශ කර තිබූ අතර ඒ නිසා උත්සවය පැවති ස්ථානය සඳහා විශේෂ ආරක්ෂාවක්ද යොදවා තිබිණි. කෙසේ නමුත් චමල් රාජපක්ෂ මහතා ඊට සහභාගි වූයේ නැත.

පසුගිය පළමුවැනිදා රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජප්කෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සෙවනගල ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතව තිබූ ඉඩම් ඔප්පු බෙදාදීමේ උත්සවය සඳහා රාජ්‍ය ඇමතිවරයා සහභාගි නොවූ අතර ඒ වෙනුවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සහභාගි විය. කෙසේ නමුත් එල්ල වූ ජනතා විරෝධය හමුවේ රැස්වීමට සහභාගි නොවී පොලිස් ආරක්ෂාව මැද එම ස්ථානයෙන් පිටව යාමට ඔහුට සිදුවිය.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here