*
Friday, April 26, 2024
spot_img

Latest Posts

කැබිනට්ටුව ඉල්ලා අස්වීමට තීරණයක් ගනී – හෙට ජනාධිපතිවරයා සමඟත් විශේෂ සාකච්ජාවක්

වත්මන් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ සියලුම දෙනා ඉල්ලා අස්වන බවට ලිපියක් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දී තිබේ.

මීට සුළු මොහොතක් දක්වාම අගමැතිවරයා සමඟ අරලිය ගහ මන්දිරයේදී කැබිනට් මණ්ඩලය සාකච්ජාවක් පැවති අතර එම ඉල්ලා අස් වීමේ ලිපිය අගමැතිවරයා වෙත භාර දී ඇත්තේ එම රැස්වීම අතරතුරයි.

මේ අතර හෙට දින (04) ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් පැවැත්වීමටද නියමිතයි.

එම සාකච්ජාවෙන් අනතුරුව පිටතට පැමිණි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ.අගමැතිවරයා සමඟ පැවති මෙම සාකච්ජාවේදී රටේ පවතින වත්මන් තත්ත්වය ගැන අවධානය යොමු කළ බවයි.

ඒ අනුව ඕනෑම මොහොතක අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස්වීමට සූදානම් බවට වන ලිපියක් අගමැතිවරයා වෙත භාර දුන් බවද එහිදී ඔහු ප්‍රකාශ කළේය.

එමෙන්ම තෙල් සහ විදුලිය සම්බන්ධයෙන් පවතින ප්‍රශ්නයට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එක්ව සාකච්ජා කර ඉදිරි මුල් දින දෙක තුළ සහනයක් ලබා දීමට හැකි වනු ඇති බවටද අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

මතුව තිබෙන ආර්ථික කඩා වැටීම් හේතුවෙන් මේ වන විටත් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට ජනතාවගේ දැඩි විරෝධයක් එල්ල වී තිබෙන අතර අද දින ක්‍රියාත්මක කරන ලද ඇඳිරි නීතියද නොතකා ජනතාව වීදි සටන් තෝරා ගෙන තිබුණි.

ඒ අනුව පවතින ජනතා විරෝධය සමනය කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල සහභාගීත්වයෙන් අන්තර්වාර භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමටත් අගමැතිවරයා එකඟ වී ඇති බවත් වාර්තා වූ අතර ඒ සම්බන්ධයෙන් අද දින විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර හා ටිරාන් අලස් යන මහත්වරුන් අග්‍රාමාත්‍යවරයා හමු වී සාකච්ජා කර තිබුණු බවයි කියවුණේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan