ඇමරිකාවේ තීරුබදුවලට චීනයෙන් දැඩි විරෝධය!

Date:

කොළඹ LNW:ඇමරිකාව සියලු වෙළඳ හවුල්කරුවන් සඳහා “අන්‍යෝන්‍ය තීරුබදු” පැනවීම ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් චීනය දැඩි විරුද්ධත්වය පළ කරන බව චීන වාණිජ අමාත්‍යාංශය පවසයි. තම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට චීනය දැඩි පියවර ගනු ඇතැයි චීනය කියාසිටී.

ඇමරිකාව වසර ගණනාවක් බහුපාර්ශ්වික වෙළඳ සාකච්ඡා හරහා අත්පත් කරගත් සමබරතාවය මෙන්ම, දිගු කලක් ජාත්‍යන්තර වෙළඳාමෙන් තමන්ට හිමි වූ විශාල ප්‍රතිලාභ ද නොසලකා හැර ඇතැයි චීනය පෙන්වා දෙයි. ඇමරිකාව ඊනියා “අන්‍යෝන්‍ය තීරුබදු” පැනවීමට තීරණය කළේ, තමන්ට අනන්‍ය ලෙස සහ ඒකපාර්ශ්වික තක්සේරුව මත පමණක් පදනම්ව ය. එය ජාත්‍යන්තර වෙළඳ නීතිවලට නොගැළපෙන අතර අදාළ පාර්ශ්වයන්ගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් සහ අවශ්‍යතාවන්ට බරපතල ලෙස හානි කරනු ඇත. එය ඒකපාර්ශ්වික හිරිහැර කිරීමේ පුරුද්දක් බව ද චීනය පවසයි.

තීරුබදු ඉහළ දැමීම, ඇමරිකාවේ අවශ්‍යතාවලට පමණක් නොව ගෝලීය ආර්ථික සංවර්ධනයට සහ නිෂ්පාදන හා සැපයුම් දාමවල ස්ථාවරත්වයට ද හානිදායක බව ඉතිහාසය සනාථ කර ඇත. ඒකපාර්ශ්වික තීරුබදු ක්‍රියාමාර්ග කඩිනමින් අවලංගු කරන ලෙසත් තම වෙළඳ හවුල්කරුවන් සමඟ ඇති මතභේද සමාන සංවාද මාර්ගයෙන් නිසි ලෙස විසඳා ගන්නා ලෙසත් චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බව ද චීනය අවධාරණය කරයි.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් සභා ? එහෙම එකක් ඕනෙ නැහැනෙ – පළාත් සභා මැතිවරණය නොපවත්වන බවට නියෝජ්‍ය ඇමති රත්නගෙන් ප්‍රකාශයක් ?

පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම අනවශ්‍ය බවත් ඒවා දැනට පවතින...

රනිල් මහින්ද සහ ලොහාන් …

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට්...

නියෝජ්‍ය ඇමතිලාට විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ, මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ තමා – ඇමති වසන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග...