*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

ලාභ ලබන ආයතන හිතුමතේට විකුණන්න රජයට ඉඩ දෙන්නේ නැහැ – සජිත් (VIDEO)

වත්මන් රජය විසින් පසුගිය වසර කිහිපයේ ම ලාබ ලැබූ පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලා පෞද්ගලීකරණයට ලක් කිරීමේ සැලසුම් මේ වන විටත් ආරම්භ කර ඇති බවත් පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම් හා ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් විපක්ෂය සාධනීය මතයක සිටියත් ලාභ ලබන ආයතන තමන්ට හිතුමතේට පෞද්ගලීකරණය කිරීම ප්‍රතික්ෂේප කරන බවත් ඒ සඳහා ඉඩ නොදෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගියදා (2) පැල්වත්ත සහ සෙවනගල සීනි කාර්මාන්තශාලාවේ සේවකයන් සමඟ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති හමුවකට එක්වෙමිනි.

සෙවනගල සහ පැල්වත්ත ආයතන පසුගිය වසර ගණනාවක් පුරා ලාභ ලබන බැවින් සිදු විය යුත්තේ වර්තමාන වැඩපිළිවෙළ තුළ නව තාක්ෂණය සහ නව ක්‍රමෝපායන් යොදා ගෙන ලාභය වර්ධනය කිරීම මිස ආයතනයේ කලමනාකාරීත්වය වෙනස් කිරීමට නොවන බවත් එබැවින් ලාභ ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරිමට සමගි ජන බලවේගය කැමති නොවන බවත් එම රාජ්‍ය ආයතන වඩාත් ලාභ ලබන ආයතන බවට පරිවර්තනය කිරීමේ ක්‍රමානුකූල ක්‍රමෝපායික වෙනස්කම් පමණක් සිදු විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එබැවින් රජයෙන් ඉල්ලා සිටින්නේ කරුණාකරලා ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණා දැමීමේ ප්‍රතිපත්තිය වහා හකුලා ගන්නා ලෙසත් පාඩු ලබන රාජ්‍ය ආයතන රටටත් ජනතාවටත් බරක් නොවන ලෙස සාධනීය ප්‍රතිපත්තියකට අනුව සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර පොදු එකඟතාවකට පැමිණෙන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම යම් හෙයකින් පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලා පෞද්ගලීකරණය කිරීමට උත්සාහ ගන්නේ නම් ඊට එරෙහිව කටයුතු කරන බව ද විපක්ෂ නායකවරයා එහි දී අවධාරණය කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan