*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව සියලු වෘත්තීය සමිති එකතුවෙයි! (VIDEO)

කොළඹ (LNW):ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කරමින් ගෙන ඒමට සැරසෙන ප්‍රති ත්‍රස්ත පනත ඇතුළු ජනතා විරෝධී අණ පනත්වලට එරෙහිව ජනතාව වෙනුවෙන් සියලු වෘත්තීය සමිති එක්ව සිටින බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව වෙනුවෙන් විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසයි.

”මේ ආණ්ඩුව මේ වෙද්දී මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කරමින් පනත් ගෙන එමින් සිටිනවා. ජීවත් වෙන්න බැරි තරමට මිනිස්සුන්ගේ බෙල්ල මුලින් හිරකරලා තියෙනවා. ඒ වගේම වෘත්තිකයින්ට නිදහසේ තමුන්ගේ ජීවිතය ගතකරන්න බැරි විදිහට එදාවේල කන්න බැරි විදිහට පත්කරලා තියෙනවා. මේ විදිහට මේ රට දුවන්න බැහැ. ඒ නිසා අද මේ රටේ සමස්ත වෘත්තීය සමිති එකතුවෙලා තීරණයක් ගත්තා මේ ආණ්ඩුව විසින් ගෙනයන අසාධාරණ පනත්වලට අසාධාරණ නීතිවලට විරුද්ධව කටයුතු කරන්න. ඒ වගේම සමස්ත මහජනතාව වෙනුවෙන් මේ වෘත්තීය සමිති පෙනී සිටිනවා කියන කාරණය පැහැදිලිවම කියනවා.”

ඒ අනුව ප්‍රති ත්‍රස්ත පනත වහාම හකුළා ගත යුතු වන අතර ගමේ මරණාධාරා සමිතියක කොඩියක් එසවීමට හෝ තැනට එම පනත සකස් කර තිබෙන බවයි ඉලංගසිංහ මහතා අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan