*
Friday, May 3, 2024
spot_img

Latest Posts

ප්‍රති ත්‍රස්ත පනතින් භාෂණයේ නිදහස අහිමි වෙන හැටි මෙන්න – කාදිනල් හිමි ආණ්ඩුවේ රෙදි ගලවයි (VIDEO)

කොළඹ (LNW):යෝජිත ප්‍රති ත්‍රස්ත පනතට එරෙහිව අද (04) අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ජාවක් කැඳවා තිබුණි.

එහිදී උන්වහන්සේ එම පනත දැඩි ලෙස හෙළා දකිමින් කරුණු පළකළ අතර ඉන් භාෂණයේ නිදහස් අහිමි වන ආකාරය පැහැදිලි කරන ලදී.

එම පනත හරහා රට තවදුරටත් කබලෙන් ලිපට වැටෙන බවයි කාදිනල් හිමියන් පෙන්වාදුන්නේ.

”මේ පනත ත්‍රස්තවාදය යන්න ඉතා අවම කාරණාවකදී පවා අර්ථකථනය කිරීමට හැකියාව ලැබෙනවා. රජයට විරුද්ධ හඩ යටපත් කිරීමට මේ හරහා හැකි වෙනවා.ජන විරෝධය පාලනය කරන්න මේක භාවිතා කරන්න පුලුවන්.ලෝකයේ මරණ දඩුවම අවම කරගෙන යනවා. නමුත් මේ අය මේ පනතට මරණ දඩුවම ඇතුලත් කර තිබෙනවා.මේ පනතින් උත්සාහ කර තිබෙන්නේ භාෂණයේ නිදහස අවම කරන්නයි.මේ පනත ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය සම්පූර්ණයෙන් උල්ලංඝනය කීරීමක්.අපි මේ ජන පීඩක පනත හෙලා දකිනවා.මේ පනතට පක්ෂ වෙන අය ජනතාවට ආදරය නොකරන පිරිසයි.
මේ පනතට සියලු දෙනා එරෙහි විය යුතුයි.”

මෙම පනත දෙපැත්ත කැපෙන කඩුවක් බවයි කාදිනල් හිමියන් පැවසුවේ.

”ජනාධිපතිතුමාට අවශ්‍ය නම් දේශපාලන පක්ෂයක් උනත් මේ හරහා තහනම් කරන්න පුලුවන්.දැන් ත්‍රස්තවාදී වාතාවරණයක් රටේ නෑ. දැන් තිබෙන්නේ ජනතාවගේ විරෝධතා. මේ විරෝධතා පාලනය කරන්න තමයි මේ පනත ගේන්න හදන්නේ.” යනුවෙන් කාදිනල් හිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan