කලකට පසු තලතා:නිහඬතාව බිඳිමින් කරළියට – SJB /UNP එකතුවක් ගැනත් කියයි!

Date:

කොළඹ LNW:එක්සත් ජාතික පක්ෂයෙන් තම කණ්ඩායම ඉවත්වී එය දෙකඩ නොවුනානම් හොඳ යයි තමන් අදටත් කල්පනා කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

තමන් එම මොහොතේ එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්වූයේද දැඩි කලකිරීමකින් බවයි ඇය සඳහන් කරන්නේ.

සමඟි ජන බලවේගයේ කළමනාකාර මණ්ඩලය මාස ගණනාවකින් රැස්ව නැති බව පවසන ඇය පක්ෂයට විවිධ පිරිස් සම්බන්ධ කර ගනිද්දී එම මණ්ඩල සමඟ සාකච්ඡා කිරීම වඩා සුදුසු බවයි පවසන්නේ.

එසේ සාමූහික සාකච්ඡාවක් තුළින් තීන්දු නොගැනීම නිසා යම් යම් ගැටලු ඇති වී තිබෙන බවත් මන්ත්‍රීවරිය සඳහන් කරයි.

එම ක්‍රමවේදයේ ගැටලු හේතුවෙන් තමන් පක්ෂයෙන් මේ දිනවල යම් නිහඬතාවයක සිටින නමුත් එය පක්ෂයට හෝ පක්ෂ නායකයාට අභියෝග කිරීමක් නොවන බවද ඇය කියාසිටියි.

එක්සත් ජාතික පක්ෂය හා සමඟි ජන බලවේගය එක් විය යුතුය යන මතයේ තමන් 2020 වසරේ සිට සිටිය බවත් ඒ සඳහා සාකච්ඡා වට ගණනාවක්ම පැවැත්වූ බවත් අතුකෝරල මහත්මිය සඳහන් කරයි.

මෙම පක්ෂ දෙක එකතු කළ යුතුය යන මතයේ පක්ෂයේ තවත් පිරිසක් සිටිනා බව පවසන ඇය පක්ෂය ඉදිරියේ ජයග්‍රහණය කරන වැඩපිළිවෙලක් මෙන්ම අර්බුදයක ඇති රට ගොඩගන්නා වැඩපිළිවෙලක්ද තිබිය යුතු බවයි පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...