දමිතා සහ ඇගේ සැමියා ලබන 17 දක්වා රිමාන්ඩ්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 05 , කොළඹ (LNW):ඊයේ (04) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මුල්‍ය වංචා චෝදනා මත අත්අඩංගුවට ගත් රංගන ශිල්පිණී දමිතා අබේරත්න සහ ඇයගේ ස්වාමිපුරුෂයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

ඒ ඔවුන් අද (05) දහවල් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. එහිදී දමිතා අබේරත්න සහ ඇයගේ ස්වාමි පුරුෂයා ලබන 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දමිතා අබේරත්නට සහ ඇයගේ ස්වාමි පුරුෂයාට චෝදනා එල්ල වී ඇති අතර ඔවුන් ඊයේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත භාර වී තිඹුනු අතර, ඔවුන් දෙදෙනා අධිකරණයෙන් පිටතට පැමිණි අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබුණි.

අනතුරුව ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පෞ මෙලෙස අද (05) දහවල් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබූ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයේ විදේශ විනිමය සංචිතය ඩොලර් ට්‍රිලියන 3 ඉක්මවයි!

දිනුෂි ධීරසිංහකොළඹ LNW:චීන විදේශ විනිමය පරිපාලනය ඊයේ(07) නිකුත් කළ...

අනේ ප්ලීස් නම් කියන්න එපා. මන් කියනදේ අහලා ඒක කරන්න – සජිත්

කොළඹ LNW: ආපදා තත්ත්වය නිසා විනාශ වූ ජන ජීවිත...

අනුරපුරෙන් හමු වූ පරිභෝජනයට නුසුදුසු මස් කි.ග්‍රෑ. 12,000කට මුද්‍රා තැබේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 08 කොළඹ LNW : අනුරාධපුර දිස්ත්‍රික්කයේ සත්ත්ව...

බිත්තරයක මිල රු.70ක් දක්වා ඉහළට?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වය හමුවේ සත්ව ගොවිපොළවල්වලට සිදුව ඇති...