පාර්ලිමේන්තුව උණුසුම් – විපක්ෂය විරෝධතාවක!(VIDEO)

0
1003

මේ වන විට පාර්ලිමේන්තු සභාගර්භය ඉතා උණුසුම් වී තිබේ.

වර්තමානයේ රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වයන් ගැන අද සහ හෙට යන දෙදින තුළ විශේෂ විවාදයක් පැවත්වීමට නියමිතව තිබුණද පාර්ලිමේන්තුව රස වී පැය එකහමාරකටත් වැඩි වෙලාවක් ගතව තිබුණද තවමත් නිසි පරිදි විවාදය ආරම්භ කිරීමට හැකි වී නැත.

මෙහිදී රටේ වත්මන් අර්බුද පසෙකලා විශේෂයෙන් අවධානය යොමු වූයේ ඊයේ දින පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා පැමිණි කැබ් රථයට හෙල්මටයක් පැළඳ නැගී තැනැත්තා කවුද යන්නයි.

එම තැනැත්තා සිය නායකයාගේ ආරක්ෂාවට සිටි ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් බවට අද පාර්ලිමේන්තුවේදී විජිත හේරත් මහතා පැවසුවද එම තැනැත්තා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර සෙසු මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන ලෙස ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කථානායකගෙන දැඩිව ඉල්ලීම් කළේය.

මේ වන විට විශේෂයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සටන් පාඨ කියමින් විරෝධතාවක නිරත වන අතර කථානායකවරයා විසින් සභාවද කල්තැබීය.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here