පිළිකා විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර මිලට ගැනීමේ ගැටලුව විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවට ගෙනෙයි

Date:

රෝහල්වලට අවශ්‍ය පිළිකා විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර මිලදී ගැනීමේ දී මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී විෂය භාර අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කළේය.

එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියේ මීට පෙර කිහිප වරක්ම පාර්ලිමේන්තුව හමුවේ මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ බවත් 2022 සැප්තැම්බර් මස 20 වැනි දින ස්ථාවර නියෝග 27 (2) යටතේ කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේ ඊට පිළිතුරු ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ සැපයුම්කාර ආයතනය සමඟ එකඟතාවයකට පැමිණීම හා යාවත්කාලීන කිරීමට අදාළ කටයුතු සිදු වෙමින් පවතින බවත් ය.

ඒ අනුව 2013 වසරේ දී ඉලෙක්ටා සමාගම සමඟ එළැඹුණු මෙම ගිවිසුම සංශෝධනය කිරීමට එම සැපයුම් සමාගමත්, සෞඛ්‍ය අමාත්‍යාංශයත්, පිළිකා රෝග විශේෂඥයින්ගේ සංගමයත් එකඟ වී තිබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. එම සංශෝධනයන් සඳහා පිළිකා වෛද්‍ය විශේෂඥවරුන්ගෙන් සැඳුම්ලත් තාක්ෂණික කමිටුවෙන් ද අනුමැතිය හිමිවී තිබෙන අතර ඊට අදාළ තාක්ෂණික කමිටුවේ අනුමැතිය දන්වමින් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමු කළ ලිපිය විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදී.

ඒ අනුව මෙම ගිවිසුම් සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය අවශ්‍ය බවත් එම අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇති බවට දැන ගැනීමට කැමති බවත් එහි දී විපක්ෂ නායකවරයා සඳහන් කළේය. එසේ වුවත් අමාත්‍යාංශ ලේකම්වරයා මෙම ගිවිසුම සංශෝධනයට ලක් නොකර පැරණි ගිවිසුම අනුව යන්ත්‍ර මිල දී ගැනීමේ සූදානමක් ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මෙම විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර කඩිනමින් යාවත්කාලීන නොකිරීම නිසා පිළිකා රෝගීන් රැසකගේ ජීවිත අනතුරේ වැටී ඇති බව යි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...