නිවාඩු දුන්නාට අපි ගමේ යන්නේ නෑ, අරගලය නවත්වන්නේත් නෑ – විරෝධතාකරුවන්

සිංහල – දෙමළ අලුත් අවුරුදු නිවාඩුව සඳහා හෙට (08) සන්ධ්‍යාවේ සිටම ගම්බිම් කරා යා හැකිවන පරිදි රජය අප්‍රේල් 11 සහ 12 රජයේ නිවාඩු දින වශයෙන් ප්‍රකාශයට පත් කළත් තමන් විරෝධතා නවතා කොළඹින් පිටව නොයන බව විරෝධතාවේ නියුතු තරුණ තරුණියන් පවසයි.

මීට පෙර සැලසුම් කළ පරිදිම ජනාධිපතිවරයාට සහ රජයට එරෙහි විරෝධතා අඛණ්ඩවම ඉදිරි සතිය තුළත් පවත්වන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මෙම සති අන්තයේදී විශාල සෙනඟක් කොළඹට රැස්කර දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට නියමිතව තිබිණි.

පසුගිය මාර්තු 30 වනදා සිට මේ දක්වා දින 9ක් තිස්සේ අඛණ්ඩවම විරෝධතා පැවැත්වෙමින් තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

අල්ලස් සිද්ධියකට අධිකරණ රෙජිස්ටාර්වරයෙක් රිමාන්ඩ්!

කොළඹ LNW:මේ වන විට සිර දඬුවම් නියම වී සිටින...