පන්සලේදී පුද්ගලයකුට ගස්බැඳ පහරදී ඝාතනය කරලා. විහාරාධිපති හිමි සහ සිවිල් ආරක්ෂකයෙක් අත්අඩංගුවට !

Date:

ගැටඹේ දියකපනාතොට විහාරස්ථානයේදී පුද්ගලයකුට ගස්බැඳ පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් සහ සිවිල් ආරක්ෂක නිලධාරියෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මැණික්හින්න ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි හිටපු හමුදා සෙබළෙකි. ඔහුගේ මළසිරුර පෙරේදා (07) අළුයම් කාලයේදී විහාරස්ථාන පරිශ්‍රයෙන් හමුවී තිබිණි.

ඔහු එදින අළුයම 03.30 ට පමණ විහාරස්ථාන භූමියට ඇතුළු වී සැකකටයුතු ලෙස ගැවසෙමින් සිටි බව පැවසේ. එහිදී ඔහුට පිරිසක් විසින් ඔහුගේ අතපය ගැටගසා, අමානුෂික ලෙස පහරදී, ගසක බැඳතබා ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් නොකිරීම සහ පහර කෑ පුද්ගලයා තුවාල ලබා බරපතළ තත්වයෙන් පසුවෙද්දීත් ඔහුව රෝහල්ගත කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ඇතිවූ සැකය මත පොලීසිය විමර්ශන ආරම්භ කර තිබිණි.

ඒ අනුව විහාරාධිපති හිමියන් ඇතුළු පිරිස් පොලීසියට ලබාදුන් ප්‍රකාශ පරස්පර වීම හේතුවෙන් සිවිල් ආරක්ෂක නිලධාරියෙකු මහනුවර පොලීසියේ අපරාධ විමර්ශන අංශය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර පසුව විහාරාධිපති හිමියන්ද පෙරේදා දිනයේදීම අත් අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගත් දෙදෙනා ඊයේ (08) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ලේ පාසල් 231ක් smart වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : අද ...

බංග්ලාදේශයේ ‘නොපෙනෙන’ දරුවන්ගේ අනාගතය වෙනස් කළ සුවිශේෂී පියවර…

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බංග්ලාදේශයේ පිහිටි ලොව...

වංචාවට දූෂණයට ඇබ්බැහි වෙච්ච කාලකණ්ණි ටිකක් තාම ඉන්නවා හැබැයි අපේ පාර්ලිමේන්තුව කිසම ජගතෙකුට හොල්ලන්නවත් බැහැ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් රටේ දේශපාලන ස්ථාවරය ඇති...