ජනතාව දුක් විඳින කාලය අඩුකරගන්න නම් දේශපාලන ස්ථාවරබවක් ඕනෑ – නව මහබැංකු අධිපති (VIDEO)

Date:

ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්තමානයේ පවතින තත්වය අනුව එය එක්වරම ආපසු හැරවීමට කිසිවෙකුටත් නොහැකි බවත් එය කෙටි කලකින් ආපසු හරවාගැනීමට නම් රට තුළ දේශපාලන ස්ථාවරභාවයක් සහ සමාජ ස්ථාවරභාවයක් අත්‍යාවශ්‍ය බවත් නව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි.

“මෙහෙම ආර්ථිකයක් එක සැරේම හරවන්න කිසිම පුද්ගලයෙක්ට මොනවා කළත් බෑ. අපේ ආර්ථිකය තියෙන්නෙ අර ප්‍රපාතයකට යන වාහනයක් වගේ තත්වයක. එතකොට පාලනයක් නැතුව පල්ලමට කඩන් යන වාහනයක පළමු කාර්යය වෙන්නෙ කොහොමද මේක බ්‍රේක් කරලා නවත්තන්නෙ කියන එක. මේකට පැනලා මේකෙ තිරිංග හදලා නවත්තන්න ඕනෙ මුලින්ම, මේක ගිහිල්ලා හැප්පිලා කුඩුවෙන්න කලින්. ඒක කරනවා කියන්නෙ මේක ඒ කාලය තුළ තවත් පොඩ්ඩක් පල්ලෙහාට යනවා.

ආර්ථිකය අපි කවුරු ඇවිල්ලා මොනවා කළත් එක සැරේටම මේක අර ස්විච් එකක් දානවා වගේ අනිත් පැත්ත හරවන්න බෑ. අනවශ්‍ය බලාපොරොත්තු ඇතිකරන්න කැමති නෑ මම කරන්න බැරි දේවල් කියලා. මම කරන්න පුළුවන් දේවල් විතරයි කතා කරන්නෙ. මේකට තවත් කාලයක් ඉවසීමෙන් ඉන්න වෙනවා. මට ලොකු විශ්වාසයක් තියෙනවා අපි මේ කරන වැඩවලින් ගිහිල්ලා මේක හැප්පිලා කුඩු පට්ටම් වෙන එක නවත්තලා, හරවන් එන්න පුළුවන් වෙයි කියලා.

ආර්ථික ප්‍රතිපත්ති නිවැරදි කිරීමෙන්ම පමණක් මම කියපු අර වාහනේ හරවන් උඩට ගේන්න බෑ. ඒක කොච්චර කාලෙකින්ද මේක ගේන්න යන්නෙ, මාසෙකින්ද, දෙකකින්ද, අවුරුද්දකින්ද කියන එක අනුව ජනතාවට මේක විඳවන්න තියෙන කාලයත් වැඩිවෙනවා. ඒක ඉක්මනින්ම කෙටිම කාලයකින් උඩට ගේන්න නම් ඒ සඳහා දේශපාලන ස්ථාවරත්වය අත්‍යාවශ්‍යයි, සමාජ ස්ථාවරත්වය අත්‍යාවශ්‍යයි. දැනට පවතින්නෙ දේශපාලන අස්ථාවරබවක් සහ සමාජ අස්ථාවරබවක්. ඒ දෙක අනිත් පැත්ත හැරිලා ආවොත් අපට මේක අනිත් පැත්ත හරවලා හොඳ වේගයකින් ස්ථාවරව ගමන් කරන්න පුළුවන්”

නන්දලාල් වීරසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (08) ශ්‍රී ලංකා මහබැංකුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...