මිනිස්සුත් එක්ක අපි ඉන්න හැටියට අපේ ගෙවල්වලට කවුරුත් ගහන්නෙ නෑ – තිස්සකුට්ටි

Date:

බණ්ඩාරවෙල සහ බදුල්ලේ ජනතාව සමග තමන් කටයුතු කරන ආකාරය අනුව තමන්ගේ නිවසට කිසිවෙකුත් පහර නොදෙන්නේ යැයි තමන්ට විශ්වාස බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසයි.

ප්‍රශ්නය – අපි දැක්කා බොහෝ මහජන නියෝජිතයින්ගෙ නිවෙස් ආසන්නයට ජනතාව ගිහිල්ලා විරෝධය දක්වලා නිවාසවලට ගහනවා. හැබැයි ඔබේ නිවසට තාම පහරදීලා නෑ ?

“මං හිතන්නෙ ජනතාවත් එක්ක ඉන්න දේශපාලනඥයො විදියට ඒ ඒ ප්‍රදේශවලදී අපි දැක්කා බාහිරින් ආපු පිරිස් තමයි විශාල වශයෙන් මේ දේශපාලනඥයින්ගෙ ගෙවල්වලට ගියෙ. බණ්ඩාරවෙල සහ බදුල්ල දිස්ත්‍රික්කයේ අපි ඉන්න විදිහේ හැටියට මං හිතන්නෙ ජනතාව විසින්ම ඒක මැඩපවත්වන්න ඇති කියන විශ්වාසය තමයි මගේ හිතේ දැනටත් තියෙන්නෙ”

තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (08) දිනයේදී රූපවාහිනී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුද්ධමය තත්ත්වය හමුවේ ආනයනය කරන ඉන්ධනවල මිල ගණන්වලට කුමක් වේවිද?

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : ඊශ්‍රායල සහ ඉරාන...

තායිලන්තයේ දවසේ අස්වැන්න රන් දෙකයි රිදී එකයි – මධුෂානිගෙන් හොඳම දක්ෂතාවය

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: තායිලන්ත තාමාසාට් සරසවි ක්‍රීඩාංගණය...

ඇමෙරිකාවෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර.!

අශෝක ජයතුංග ජූනි 22 වොෂින්ටන් LNW : 🍎ඇමෙරිකාව ඇතුලෙන්ම ඊට විරෝධය...

ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා – ඇමති TB

ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවා ඇත්තේ පොහොට්ටුව,...