වැඩිහිටියන්ට පණිවුඩයක්!

රෂිකා හෙන්නායක අප්‍රේල් 11 කොළඹ LNW :

අප්‍රේල් මස අස්වැසුම දීමනාව අද (11) සිට එම ප්‍රතිලාභීන්ට සිය බැංකු ගිණුම මගින් ලබා ගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.  

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජයරත්න මහතා පැවසුවේ.  ඒ අනුව අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන යටතේ සුදුසුකම් ලැබූ පවුල් දා හත් ලක්ෂ 37,141 දෙනෙකුට මෙන්ම එම ප්‍රතිලාභී පවුල් තුළ සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් පන් ලක්ෂ 80,944 දෙනෙකුට සිය අප්‍රේල් මස දීමනාව ලබා ගත හැකි බවයි.

ඒ සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් බිලියන 15යි දශම 5යි 3ක් වේ.

අප්‍රේල් මාසයේ සිට වැඩිහිටියන් සඳහා ලබා දෙන රුපියල් 3,000ක වැඩිහිටි දීමනාව රුපියල් 5,000ක් දක්වා ඉහළ දැමුණි.

ඒ අනුව එලෙස වැඩිකරන ලද දීමනාවද අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ට මෙම මාසයේ සිට ගෙවීමට කටයුතු කර ඇත.

  

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...