යුරියා මෙට්‍රික් ටොන් 3800 ක පරිත්‍යාගයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළේ, ලෝක අහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් මෙරට යළ කන්නයේ භාවිත කිරීම සඳහා යුරියා මෙට්‍රික් ටොන් 3800 ක් මෙරටට ලබාදීමට තීරණය කර ඇති අතර එම තොගය ලබන සතියේ මෙරටට ලැබෙන බවයි. මෙය යුරෝපා සංගමයේ පරිත්‍යාගයක් ලෙසට එය මෙරටට ලබාදී ඇත.

තවද , යුරියා මෙට්‍රික් ටොන් 31000 ක් යළ කන්නයේ භාවිත කිරීම සඳහා මෙරටට ලැබීමට නියමිතව ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ , නීති විරෝධීව ගෙන්වන ලද සහ ප්‍රමිතියෙන් බාල කෘමි නාශක ද්‍රව්‍යවලට අදාළ වැටලීම් වැඩි කිරීමටත් ඒවා සොයා බලා අවශ්‍ය නීත්‍යානුකූල පියවර ගන්නා ලෙසටත් පළිබෝධ නාශක රෙජිස්ටාර්වරයාට දන්වා ඇති බවයි.

ඊට අදාළ දඩය ද සංශෝධනය කරන මෙන් ඉල්ලා ඇති බව එහි ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කළේය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...