විමලවීර දැඩි කළකිරීමෙන්. දේශපාලනයෙන් සමුගන්නා දවසත් නිවේදනය කරයි

තවත් මාස හතරකින් තමන් දේශපාලනයෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසයි.

“මම තව මාස හතරකින් දේශපාලනයෙන් විශ්‍රාම යනවා. බැස යන තරුවක්, බොහෝ විට මන්ත්‍රීකම නැතිවුණාම … දැනුත් ටිකක් ඒ වගේ … සමහර වෙලාවට නෝනා මහත්තයාත් කියන්න පටන් ගනවා ඔහේ මොනවද අපට කරේ කියලා. දරුවො දෙන්නා කියනවා තාත්තා බම්බු ගැහුවා කියලා. ජනතාව දැන් වුණත් කියන්නෙ ඕකා බුලත්විට කෑවා මිසක් අපට මොනවද කරේ කියලා. කා හපයා කියලා ගේ කුඩුකරලා දැම්මා. ඒ වෙන කවුරුත් නෙවෙයි සුන්දර සුකොමළ ඡන්ද දායකයො”

විමලවීර දිසානායක මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ මහතාගේ නිවස යළි ඉදිකිරීමෙන් අනතුරුව විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි. එම නිවස පසුගිය අරගල සමයේ ගැටුම් අතරතුර ගින්නෙන් විනාශ විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෝඨාගේ රිට් පෙත්සමට මොකද වුණේ?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : අභියාචනාධිකරණය විසින් හිටපු...

ශිරන්ති සහ අර්ජුන මහේන්ද්‍රන් හොයන්න රනිල් සිංගප්පූරුවට ?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔක්තෝබර් 06 වනදා සිංගප්පූරුව...

අද සිට යළි ගමන් අරඹන උඩරට මැණිකේ!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් මාස 10කට පසු (02) දින...

ජපානයේ ස්ථිර පදිංචිය සඳහා ගාස්තුව 20 ගුණයකින් ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ජපානයේ ස්ථිර...