ණය පැහැර හැරීමේ තීරණය ගැන එජාපය කණගාටුව පළකරයි. තේරීම් කාරක සභාවකුත් ඉල්ලයි

0
977

සියලුම විදේශ ණය ආපසු ගෙවීම් පැහැර හරින බවට රජය විසින් කළ නිවේදනය සම්බන්ධයෙන් කණගාටුව පළකරමින් එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය පහතින් දැක්වේ.


ණය පැහැර හැරීම සහ මුදල් අවප්‍රමාණය වීම ගැන සොයා බැලීමට තේරීම් කාරක සභාවක් කැදවන ලෙස එක්සත් ජාතික පක්ෂය ඉල්ලා සිටිනවා

සියලුම විදේශ ණය ආපසු ගෙවීම පැහැර හරින බවට රජය විසින් කරන ලද නිවේදනය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සිය කණගාටුව ප්‍රකාශ කර තිබේ.

නිදහසින් පසු ශ්‍රී ලංකාව අපගේ ණය ආපසු ගෙවීමට ගරු කිරීම සම්බන්ධයෙන් නොකැළැල් වාර්තාවක් තබා ඇත.

දුෂ්කර අවස්ථාවලදිත් අපි ජාතියක් විදියට පටි තද කරගෙන ගෙවීම් කරලා තියෙනවා.

කෙසේ වෙතත් වත්මන් ආර්ථික අර්බුදයට ආණ්ඩුවේ වැරදි කළමනාකරණයේ ප්‍රතිඵලය හෙතු තිබේ.

සියලුම බාහිර සේවා අත්හිටුවීම ණයවර ලිපි සඳහා පහසුකම් සැලසීම සඳහා විදේශ ණය ලබාගෙන ඇති බැංකුවලට මෙන්ම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (ISBs) දරන බැංකුවලට ද අනවශ්‍ය පීඩනයක් ගෙන එනු ඇත.
2020 වසරේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අපගේ මූල්‍ය බැඳීම් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගත යුතු බවට නිර්දේශ කර ඇත.

මෙම උපදෙස් අනුව ක්‍රියා කිරීමට බලධාරීන් ප්‍රමාද වීම මේ වන විට දිගහැරෙන අර්බුදයට හේතු වී ඇත.

එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු පිරිස කළ ප්‍රකාශ වලට අවනත වූයේ නම් මෙම අනතුර වළක්වා ගත හැකිව තිබුණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වැනි වගන්තිය යටතේ පාර්ලිමේන්තුවට රාජ්‍ය මූල්‍ය පාලනය ඇත.

අප්‍රේල් 19 වැනි දින පාර්ලිමේන්තුව රැස්වන විට මෙම තත්ත්වය ඇතිවීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව රජය සම්පූර්ණ පැහැදිලි කිරීමක් සභාවට ඉදිරිපත් කළ යුතුය.

එක්සත් ජාතික පක්ෂය ද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවන ලෙස ඉල්ලා සිටිනු ඇත.

IMF අරමුදල් සුරක්ෂිත කිරීමට පෙර මුදල් අවප්‍රමාණය කිරීමේ තීරණය මෙන්ම මෙම පැහැර හැරීමට තුඩු දී ඇති රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාද කිරීමට රජය ගත් තීරණය පිළිබඳව සොයා බැලීම ඔවුන්ට පැවරෙනු ඇත.

මධ්‍යම මාධ්‍ය ඒකකය එක්සත් ජාතික පක්ෂය 2022 අප්‍රේල් 12

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here