*
Tuesday, April 16, 2024
spot_img

Latest Posts

IMF වැඩසටහන ගැන පාර්ලිමේන්තු විවාදය අප්‍රේල් 25 සිට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම (IMF/EFF) පිළිබඳ වැඩසටහන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත්, එය අප්‍රේල් 25 වැනිදා සිට විවාදයට ගන්නා බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පැවසීය.

එහිදී දේශපාලන පක්ෂ තම රටට සහය දෙනවාද නැද්ද යන්න තීරණය කිරීමට අවස්ථාව සැලසෙන බව ද ඒ මහතා සඳහන් කළේය.

සාගල රත්නායක මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සහ එහි ප්‍රගතිය පිළිබඳ විදේශ තානාපතිවරු සහ මහ කොමසාරිස්වරු දැනුවත් කිරීමට පසුගියදා (10) විදේශ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති හමුව අමතමිනි.

ආර්ථික ප්‍රකෘතිය සහ තිරසාර වර්ධනය සඳහා වූ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වැඩසටහන පිළිබඳව මෙහිදී අවධානය යොමු කළ සාගල රත්නායක මහතා මෙම වැඩසටහන මූල්‍ය හා ආර්ථික ප්‍රතිසංස්කරණවලට පමණක් සීමා නොවන අතර ශ්‍රී ලංකාවේ ප්‍රකෘතිය සහ තිරසාර වර්ධනය සඳහා තීරණාත්මක වන ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය වැනි කරුණු ද ඊට ඇතුළත් බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා,

“ආර්ථික ප්‍රකෘතිය සහ තිරසාර වර්ධනය සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අප මෙම වැඩසටහන ආරම්භ කර තිබෙනවා.

මෙම වැඩසටහන හුදු රාජ්‍ය මූල්‍ය හා ආර්ථික ප්‍රතිසංස්කරණවලට පමණක් සීමා වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මූල්‍ය ප්‍රතිසංස්කරණය, ශ්‍රී ලාංකිකයන් සඳහා ප්‍රකෘතිමත් සහ තිරසාර වර්ධනයක් සඳහා ප්‍රධාන වන ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය වැනි කරුණු ද මීට ඇතුළත් වෙනවා.

එමෙන්ම එය බදු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ඇතුළත් ආදායම් මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය ඉදිරියට ගෙන යාම මත පදනම් වෙනවා. ඒවායින් බොහොමයක් දැනටමත් ක්‍රියාවට නංවා තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය වැඩසටහන සමාලෝචනය කරන විට මෙම සැප්තැම්බර් මාසය වන විට අපට සමාලෝචනය කිරීමට සිදුවන තවත් කරුණු තිබෙනවා. උදාහරණයක් ලෙස ජනවාරි මාසයේදී සුරාබදු 20% කින් ඉහළ දැමුවා. නමුත් නීත්‍යානුකූල මිලදී ගැනීම් අඩුවීම සහ නීති විරෝධී ක්‍රියාමාර්ග වැඩි වීම හේතුවෙන් අපේක්ෂිත ආදායම් ලබා ගැනීමට නොහැකි වුණා.

2025 වන විට ඉලක්කගත බදු සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය 14%ක් වන අතර එය අසීරු ඉලක්කයක් වුවත් සාක්ෂාත් කරගත හැකි එකක්.

ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ වියදම් සාධාරණීකරණය කිරීමේ ක්‍රියාමාර්ග මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මීට අමතරව, නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (PFM) නීතියක් පැනවීම, රාජ්‍ය ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ දූෂණ අවදානම් අවම කරමින් මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීම සඳහා බාහිර අතිරික්තයක් නැවත ගොඩනැංවීම ඇතුළත් මූලික රාජ්‍ය මූල්‍ය කළමනාකරණ කාර්යය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහන යටතේ ශක්තිමත් කෙරෙනවා.

ලෝක බැංකු සහ ආසියානු සංවර්ධන බැංකුවේ වැඩසටහන් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වැඩසටහනේ කොටසක් වන අතර ඒවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහනේ ඇතැම් ක්‍රියාමාර්ගවලට ශක්තියක් බව කිව යුතුයි.

ලෝක බැංකු වැඩසටහන යටතේ, රාජ්‍ය මූල්‍ය අධීක්ෂණ සහ ණය කළමනාකරණයේ ප්‍රගතියක් ඇති අතර, ඊට පියවර දෙකක් ඇතුළත් වෙනවා. ඉන් එක් පියවරක් වන්නේ පනතක් හරහා පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් පිහිටුවීමයි. 2023 මැයි මාසය වන විට අයවැය කාර්යාලය ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

ඒ සම්බන්ධව ජනතාවට ප්‍රතිචාර දැක්වීමට අනිවාර්ය කාල සීමාවක් ලබාදීමට නියමිතයි. ඉන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පසුව රාජ්‍ය මූල්‍ය කාරක සභාවට යොමු කිරීමට අපේක්ෂා කරනවා. එය පාර්ලිමේන්තුව විසින් අනුගමනය කළ යුතු ක්‍රියාවලියක් වන අතර එය අප්‍රේල් 17 කැබිනට් මණ්ඩලය හමුවට ගෙනවිත් අපේ‍්‍රල් 25 වනදා සිට විවාදයට ගැනීමට අපේක්ෂා කරනවා.

2024 තුන්වන කාර්තුවේදී, දැනට නීතියෙන් ආවරණය නොවන ක්ෂේත්‍ර ඇතුළු විවිධ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි නව රාජ්‍ය ණය කළමනාකරණ නීතියක් හඳුන්වා දීමට අපේක්ෂා කරනවා. ප්‍රතිව්‍යුහගත කර වාණිජකරණයට ලක් කෙරෙන රාජ්‍ය ව්‍යවසායන්වලට ස්වෛරී ඇපකර සැපයීම සහ ණය දීමේ මෙහෙයුම් වැනි ක්‍රියාවලි මෙයට ඇතුළත්. පාර්ලිමේන්තුව විසින් දැනටමත් අනුමත කරන ලද අනිවාර්ය ආදායම් බදු පනතක් සමඟින් බදු පරිපාලනය වැඩිදියුණු කිරීම සහ 2024 පළවන කාර්තුවේ බදු විගණන සහ අනුකූලතාවය ඉහළ නැංවීම කෙරෙහි අවධාරණය කිරීම ද එහි අරමුණක් බව සඳහන් කළයුතුයි.

මූල්‍ය අංශයේ ස්ථායීතාවය ආරක්ෂා කර ගැනීමටත්, පෞද්ගලික අංශයට ණය ගලා ඒම යථා තත්ත්වයට පත් කිරීමටත් කටයුතු කරමින් තිබෙනවා. හදිසි ද්‍රවශීලතා ආධාර දැනටමත් ලබා දී ඇති අතර මූල්‍ය අංශයේ අර්බුද කළමනාකරණ කමිටුවක් ද පිහිටුවා තිබෙනවා. බැංකු විශේෂ විධිවිධාන පනත කඩිනමින් ක්‍රියාත්මක වෙමින් පවතින අතර ලෝක බැංකු වැඩසටහනේ ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා අප්‍රේල් මාසය අවසන් වන විට එය පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුතුයි.

රාජ්‍ය ව්‍යවසායන්වල වාණිජ කාර්ය සාධනය, මූල්‍ය විනිවිදභාවය සහ පුද්ගලික අංශයේ සහභාගීත්වය වැඩිදියුණු කිරීම සඳහා, රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර, රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කරනු ලබනවා.

වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති අවිනිශ්චිතතාවය අවම කිරීම සහ තරගකාරිත්වය වැඩි කිරීම සඳහා වසර තුනේ සිට පහ දක්වා කාලය තුළ පැරා තීරුබදු ඉවත් කිරීම අපේක්ෂාවයි. ආදායම් මධ්‍යස්ථභාවය සහතික කිරීම සඳහා වන්දි ගැලපීම් සිදු කරනු ලබන අතර, පැරා තීරු බදු වලින් සිදුවන පාඩු පියවා ගැනීම සඳහා මෙම ගැලපීම් වලින් ලැබෙන ආදායම සැලකිල්ලට ගන්නවා.

දුප්පතුන් සහ අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කිරීම අවධානය යොමු කළයුතු ප්‍රධාන ක්ෂේත්‍රයක්. සමාජ ආරක්ෂණ ආයතන ශක්තිමත් කිරීම, බෙදාහැරීමේ පද්ධති වැඩිදියුණු කිරීම සහ නිවැරදි ඉලක්ක සහතික කිරීම මෙයට ඇතුළත් වෙනවා. එය සාක්ෂාත් කර ගැනීම සඳහා, පළමු පියවර වන්නේ නිලධාරීන්ගේ ප්‍රතිවිරෝධය හේතුවෙන් අභියෝගාත්මක වූ ලේඛන යාවත්කාලීන කිරීම බව හඳුනාගෙන තිබෙනවා.

සුදුසුකම් සපුරණ ප්‍රතිලාභීන්ගේ විස්තර සහ ඡායාරූප එක්රැස් කර නිශ්චිත නිර්ණායක මත තෝරා ගැනීම සඳහා කමිටුවක් වෙත ඉදිරිපත් කෙරෙනවා. නව සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ ක්‍රමයක් සඳහා වන රෙගුලාසි කැබිනට් මණ්ඩලය විසින් සම්මත කිරීමෙන් අනතුරුව, ප්‍රතිලාභීන් සඳහා ගෙවීම් ජුනි 01 වනදා සිට ආරම්භ කිරීමට අපේක්ෂා කරනවා.

ලෝක බැංකු වැඩසටහන මූලික වශයෙන් අවධානය යොමු කර ඇත්තේ ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි වන අතර ආසියානු සංවර්ධන බැංකු වැඩසටහන විදුලිබල හා ජල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන් මෙන්ම තිරසාර සංචාරක ව්‍යාපාරය සහ නාගරික සංවර්ධනය සඳහා සහාය ලබා දෙනවා.

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය සඳහා සංහිඳියා වැඩසටහන ඉතා වැදගත් වන අතර ත්‍රස්තවාදයට එරෙහි නීතියක් හඳුන්වාදීමට ද බලාපොරොත්තු වෙනවා. මහජනතාවගේ නිර්මාණාත්මක උපදෙස් අගය කරනවා. ණය තිරසාරභාවයට අනුකූලව සහ අතිරේක ජාත්‍යන්තර මූල්‍ය වැඩසටහන් නොමැතිව අනාගත ව්‍යාපෘති සඳහා රජය විසින් මෙහෙයවනු ලබන ප්‍රතිපත්ති යාන්ත්‍රණයක් ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාවට නංවනවා.

අපි නීතිය හා සාමය ශක්තිමත් කරනවා වගේම අසාධාරණ හා වෘත්තීය සමිති මුවාවෙන් සිදුකරන කඩාකප්පල්කාරී ක්‍රියාමාර්ගවලට ඉඩ තබන්නේ නැහැ. රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ජනතාවගේ සහයෝගය ඇතිව කටයුතු කිරීම අපේකෂාවයි”

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan