ළමා නිවාසයක දැරියන්ට අතවර කළ 82 හැවිරිදි පාස්ටර්වරයකු අත්අඩංගුවට

කෝපායි, ඉරුපාලෙයි ප්‍රදේශයේ ළමා නිවාසයක සිටි දැරියන් 4 දෙනෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත එම ළමා නිවාසයෙහි පාලක පාස්ටර්වරයා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි පාස්ටර්වරයෙකි.

අදාළ ළමා නිවාසයෙන් පැනගිය දැරියන් තිදෙනෙකු පසුගියදා පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබුණු අතර ඒ ඔස්සේ සිදුකළ විමර්ශනවලදී මෙම පාස්ටර්වරයාගේ ක්‍රියාකලාපය පිළිබඳ අනාවරණය වී තිබිණි.

ඒ අනුව අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුවක් මත ගල්කිස්ස ප්‍රදේශයේදී ගල්කිස්ස පොලිසිය විසින් අදාළ පාස්ටර්වරයා අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇති අතර ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රධාන බලවතුන්ගේ ඒකපාර්ශ්වික ක්‍රියා හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අර්බුදයක?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත්...

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...