ළමා නිවාසයක දැරියන්ට අතවර කළ 82 හැවිරිදි පාස්ටර්වරයකු අත්අඩංගුවට

Date:

කෝපායි, ඉරුපාලෙයි ප්‍රදේශයේ ළමා නිවාසයක සිටි දැරියන් 4 දෙනෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත එම ළමා නිවාසයෙහි පාලක පාස්ටර්වරයා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි පාස්ටර්වරයෙකි.

අදාළ ළමා නිවාසයෙන් පැනගිය දැරියන් තිදෙනෙකු පසුගියදා පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබුණු අතර ඒ ඔස්සේ සිදුකළ විමර්ශනවලදී මෙම පාස්ටර්වරයාගේ ක්‍රියාකලාපය පිළිබඳ අනාවරණය වී තිබිණි.

ඒ අනුව අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුවක් මත ගල්කිස්ස ප්‍රදේශයේදී ගල්කිස්ස පොලිසිය විසින් අදාළ පාස්ටර්වරයා අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇති අතර ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතාලියේ ශිත සෘතු ඔලිම්පික් උළෙලට ආලෝකය දෙන ගිණි සිළුව අද ගමන් ඇරඹීය.

නිශ්මං රණසිංහ නොවැම්බර් 26, කොළඹ LNW: ඉතාලියේ මිලානෝ කෝර්ටිනා හී...

සමාජය නොමඟ යවන සුළු සාවධ්‍ය තොරතුරක් ගැන රජයෙන් දැනුවත් කිරීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW: සමාජය නොමඟ යවන...

හඬ පටය ගැන පරීක්ෂණයක් ඉල්ලා ඇමතිගෙන් CID යට පැමිණිල්ලක්!

කොළඹ LNW:සමාජ මාධ්‍යය තුළ සංසරණය වන හඬ පටය සම්බන්ධයෙන්...

නුවර – නුවරඑළිය ප්‍රධාන මාර්ගය ගැරඬිඇල්ල ප්‍රදේශයෙන් වසාදැමේ

සටහන - රුවන් නෙළුගොල්ල මහනුවර - නුවරඑළිය ප්‍රධාන මාර්ගය ගැරඬිඇල්ල...