සියලුදෙනා එකට එක්ව එක මවකගේ දරුවන් ලෙස එක මගක ඉදිරියට යමු ..!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අවුරුදු සැමරීම පසෙක ලා, එදිනෙදා ජීවිතය පවත්වාගෙන යෑමේ අරගලයකට අපි මැදිව සිටින නමුත් මේ අලුත් අවුරුද්ද එළැඹෙනුයේ අප සැමටම කිසියම් සහනදායී පරිසරයක් උදා කරමින් බව ජනාධිපතිවරයා අලුත් අවුරුදු පණිවිඩයයෙන් ජනතාව ආමන්ත්‍රණය කරයි.

ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවුඩය,

“සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණයත් සමඟ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද මෙරට සිංහල සහ දෙමළ ජනතාවට ඉතාමත් ප්‍රීතිමත් අවස්ථාවකි. සියලු ජනතාව එකම නැකතකට චාරිත්‍ර ඉටු කරන්නේ සෞභාග්‍යයේ සහ සශ්‍රිකත්වයේ අපේක්ෂාවෙන් පෙරදැරිවය. පසුගිය වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද එළැඹෙද්දී අප සැවොම මැදිව සිටියේ දැවැන්ත අර්බුදයකටය. අවුරුදු සැමරීම පසෙක ලා, එදිනෙදා ජීවිතය පවත්වාගෙන යෑමේ අරගලයකට අපි මැදිව සිටියෙමු. නමුත් මේ අලුත් අවුරුද්ද එළැඹෙනුයේ අප සැමටම කිසියම් සහනදායී පරිසරයක් උදා කරමිනි. අප වෙහෙසිය යුත්තේ, අප උත්සාහ කළ යුත්තේ, එළැඹෙන මීළඟ අලුත් අවුරුද්ද අදටත් වඩා භාග්‍යවත් හා සමෘද්ධිමත් කර ගැනීමටය. එම ප්‍රාර්ථනාව මුදුන්පත් කරගත හැකි වනුයේ අප සියලුදෙනා එකට එක්ව එක මවකගේ දරුවන් ලෙස එක මගක ඉදිරියට යාමෙන් පමණි. එබැවින් පක්ෂ, පාට, ජාති, ආගම් බේද පසෙකලා නව දැක්මකින් රට වෙනුවෙන් ඉදිරියට යාමට මෙවර අලුත් අවුරුද්ද නව ඇරඹුමක් කර ගත යුතු අතර මේ අලුත් අවුරුද්ද පමණක් නොව අනාගතය ද සුබ වනුයේ එවිටය.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙරට අතර ඍජු ගුවන් ගමන් ඇරඹීමට චීන-ඉන්දියා එකඟතාවක්!

කොළඹ LNW:නුදුරු කාලයේදීම දෙරට අතර ඍජු ගුවන් ගමන් ඇරඹීම...

ට්‍රම්ප් හා පුටින් ඇලස්කාවේදී හමුවේ; සාකච්ජා සාර්ථකයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සමබන්ධයෙන්...

නාවික හමුදාව අපරාජිත එකම කණ්ඩායම බවට පත් වෙයි.

නිශ්මං රණසිංහ අගෝස්තු 16, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන පළමු...

ලොහාන් නොදැනසිටි දෙය ….

ලොහාන් රත්වත්තේ ගැන එක එක කට්ටිය එක එක දේවල්...