නිසි වේලාවේදී අපි උත්තර දෙනවා – ඉරානයට ඊශ්‍රායලයෙන් අනතුරු ඇඟවීම්!

Date:

කොළඹ LNW:නිසි වේලාව පැමිණි පසු ඉරාන ප්‍රහාරයට ප්‍රතිචාර දක්වන බව ඊශ්‍රායලය පවසා තිබේ.

අප්‍රේල් පළමු වනදා සිරියාවේ අගනුවර වන ඩමස්කස්හි පිහිටි ඉරාන කොන්සල් කාර්යාලයට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාරයක් එල්ල කළ අතර ඉන් ඉරාන හමුදා ජෙනරාල්වරු දෙදෙනෙකු ඝාතනයට ලක්විණි.

ඊට ප්‍රතිචාර දැක්වීමේ අරමුණින් ඉරානයද ඊයේ ප්‍රහාර මාලාවක් එල්ල කර තිබුණි.

ඊශ්‍රායල හමුදා ප්‍රකාශක රියර් අද්මිරාල් ඩැනියෙල් හගාරි පවසන්නේ ඉරානය පුපුරණ එම ප්‍රහාර සඳහා ඩ්‍රෝන යානා, කෲස් සහ බැලස්ටික් මිසයිල 300ක් පමණ යොදා ගත් බවයි. එහෙත් එම ප්‍රහාර වලින් 99%ක්ම ඊශ්‍රායලය සාර්ථකව මැඩපැවැත්වූ අතර ඊට ඇමරිකා, බ්‍රිතාන්‍යය, ජෝර්දාන හා අනෙකුත් මිත්‍ර හමුදා සහාය දුන් බවද ඔහු සඳහන් කරයි.

මේ අතර ඉරානය, ඉරාකය, සිරියාව සහ යේමනයේ සිට ඊශ්‍රායලයට එල්ල වූ ඩ්‍රෝන,මිසයිල දුසිම් ගණනක් විනාශ කිරීමට සහාය ලබා දුන්නත් ඉරානය සමඟ ගැටුමක් ඇති කර ගැනීමට අමෙරිකාවට අවශ්‍ය නොවන බවයි එරට ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ප්‍රකාශ කර තිබෙන්නේ. ජනාධිපති ජෝ බයිඩන්ගේ මඟපෙන්වීම මත, මැදපෙරදිග එක්සත් ජනපද හමුදා ඉරානය, ඉරාකය, සිරියාව සහ යේමනයේ සිට දියත් කරන ලද ඊශ්‍රායලයට යමින් තිබූ මිසයිල සහ UAV දුසිම් ගණනක් වැළැක්වීමට ඇමරිකා හමුදා සමත් වී ඇත.

කලාපයේ එක්සත් ජනපද හමුදා සහ හවුල්කරුවන් ආරක්ෂා කිරීමට, ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා තවදුරටත් සහය ලබා දීමට සහ කලාපීය ස්ථාවරත්වය වැඩි කිරීමට තම හමුදාවන් සීරුවෙන් සිටින බවත් ලොයිඩ් ඔස්ටින් කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විශිෂ්ට දරුවන් ඇගයීම අද (27) නැගෙනහිරදී…

රෂිකා හෙන්නායක ජූලි 27, කොළඹ LNW : මඩකලපුව, ස්වාමි විපුලානන්ද...

සුන්දර් පිචායි නිල වශයෙන් බිලියනපතියෙකු බවට පත් වේ

සටහන: සශිකලා මධුෂාණි ජුලි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගූගල් හිමිකාරීත්වය දරන...

එක්ස්ප්‍රස් පර්ල් නඩු තීන්දුව අධ්‍යනය කිරීමට නීතිපතිගෙන් කමිටුවක්

ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනිබත් වූ එක්ස්ප්‍රස් නෞකාව සම්බන්ධයෙන්...

අපි එහෙම මිනිස්සු ….

උදම් රළ නැඟී විත්ජීවිතේ කඳු මුදුන් තිගැස්සූරිදුම් හැදුවේ අපියිඅපි...