රථවාහන නීති රීති පිළිපැද අනතුරු අවම කරගන්න – නියෝජ්‍ය පොලිස්පති

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 15, කොළඹ (LNW): ගෙව්ණු පැය 24 තුළ මාර්ග අනතුරු 08ක් වාර්තාවී ඇති අතර ඉන් මරණ 10ක් වාර්තා වී තිබේ.

මෙම අනතුරු 8න් 05ක් සිදුවී ඇත්තේ මාර්ගයේ වාහන ලිස්සා යාමෙන් බව පොලීසිය පවසයි.

බොහෝ මාර්ග අනතුරු රියදුරන්ගේ නොසැලකිල්ල නිසා සිදුවන බව නිරීක්ෂණය වී ඇති අතර, රථවාහන නීති රීති පිළිපදින ලෙස රියදුරන්ගෙන් ඉල්ලීමක් කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව කියා සිටී.