ලිට්රෝ සභාපති ඉල්ලා අස්වෙයි

Date:

ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් ඔහු සිය ඉල්ලා අස්වීම දන්වා ඇති බවයි දැක්වෙන්නේ.

ගෑස් අර්බුදය සහ ඉන් ඔබ්බට ගොස් වර්තමානේ රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් පවතින ප්‍රතිපත්තිමය තීරණ මත අප්‍රේල් 14 වැනිදා සිට ඉල්ලා අස්‌ වන බවයි ඔහු සිය ලිපියෙන් දක්වා ඇත්තේ.

මේ වන විට ලිට්රෝ සමාගම ගෑස් බෙදා හැරීමද ලබන 18 වැනිදා දක්වා දින පහකට නතර කර තිබෙන අතර සියලුම සේවකයින්ට දින 5ක අවුරුදු නිවාඩුවක් ද ලබා දී තිබේ.

විදේශ සංචිත අර්බුදය හේතුවෙන් ගෑස් ආනයනය නිසිලෙස සිදුකිරීමට පසුගිය කාලය පුරාම නොහැකි වූ අතර තවදුරටත් එම ප්‍රශ්නය විසඳා ගැනීමට ද ආණ්ඩුවට හැකියාවක් ලැබී නැත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩේවිඩ් පීරිස් වෙළද සේවා ක්‍රිකට් එක්ක නොදැවී 23 යි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: වෙළද සේවා ක්‍රිකට් තරගාවලියේ...

මහනුවරට සහ නුවරඑළියට නාය යාමේ රතු නිවේදන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ වෙනුවෙන්...

ලක්ෂ දහයෙ රත්තරන් තහඩුව ….

එකපාරටම කඩාපාත් වුන ගංවතුර ව්‍යසනයේ මහජන ආතතිය ආන්ඩුව පැත්තට...

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...