ඉරානයට බලපෑ වැලි කුණාටුවක් හේතුවෙන් බොහෝ දෙනෙකුට ස්වසන අපහසුතා

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාකයේ මධ්‍යම සහ දකුණු ප්‍රදේශ හරහා වැලි කුණාටුවක් හමා යාමෙන් පසු 1,000 කට අධික පිරිසකට ශ්වසන අපහසුතා ඇති වී ඇති බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබුණේ, ප්‍රදේශ තැඹිලි පැහැති මීදුමකින් වැසී ඇති බවත්, විදුලි විසන්ධි කිරීම් සහ ගුවන් ගමන් අත්හිටුවීම් වාර්තා කර ඇති බවත්ය.

දකුණු ඉරාකයේ මුතාන්නා පළාත, නජාෆ් පළාත, ධි කාර් සහ බස්රා පළාත්වලින් ස්වසන අපහසුතා ඇති රෝගීන් වාර්තා වී ඇති අතර නජාෆ් සහ බස්රා පළාත්වල ගුවන්තොටුපළ වසා දැමීමට පවා සිදුව ඇත.

නිතිපතා වැලි කුණාටු, දැඩි තාපය සහ ජල හිඟයට මුහුණ දෙන බැවින් දේශගුණික විපර්යාසයන්ට වඩාත් ගොදුරු විය හැකි රටවල් පහෙන් එකක් ලෙස ඉරාකය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලැයිස්තුගත කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධාවන පථයට අමුතුවෙන් සිදු වීමට හානියක් නැත – ක්‍රීඩා අමාත්‍යංශය කියයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 30, කොළඹ LNW: මෙම සංගීත ප්‍රසංගය දෙසැ...

“බලය” පිළිබඳ කතන්දර : පැණි වරකාවලට හෙන ගැසීම

හිරු නාලිකාවට ආණ්ඩුව පාර්ශවයෙන් එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඊට...

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 30) දිනයේදී උතුර, නැගෙනහිර,...

දිවයින පුරා විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන සවිකර දෙන්නැයි ඇමති විජිත චීනයෙන් ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල චීනය ඇතුළු ලෝක රථවාහන වෙළඳපලෙන් ශ්‍රී...