ඉරානයට බලපෑ වැලි කුණාටුවක් හේතුවෙන් බොහෝ දෙනෙකුට ස්වසන අපහසුතා

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාකයේ මධ්‍යම සහ දකුණු ප්‍රදේශ හරහා වැලි කුණාටුවක් හමා යාමෙන් පසු 1,000 කට අධික පිරිසකට ශ්වසන අපහසුතා ඇති වී ඇති බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබුණේ, ප්‍රදේශ තැඹිලි පැහැති මීදුමකින් වැසී ඇති බවත්, විදුලි විසන්ධි කිරීම් සහ ගුවන් ගමන් අත්හිටුවීම් වාර්තා කර ඇති බවත්ය.

දකුණු ඉරාකයේ මුතාන්නා පළාත, නජාෆ් පළාත, ධි කාර් සහ බස්රා පළාත්වලින් ස්වසන අපහසුතා ඇති රෝගීන් වාර්තා වී ඇති අතර නජාෆ් සහ බස්රා පළාත්වල ගුවන්තොටුපළ වසා දැමීමට පවා සිදුව ඇත.

නිතිපතා වැලි කුණාටු, දැඩි තාපය සහ ජල හිඟයට මුහුණ දෙන බැවින් දේශගුණික විපර්යාසයන්ට වඩාත් ගොදුරු විය හැකි රටවල් පහෙන් එකක් ලෙස ඉරාකය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලැයිස්තුගත කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

”නොසැලුණු නොනැමුණු ලසන්ත” එළිදකියි! (PHOTOS)

කොළඹ LNW: රාජපක්ෂ පාලන සමය තුළ ඝාතනයට ලක්වූ ජ්‍යෙෂ්ඨ...

ඩෙංගු මරණ සංඛ්‍යාව 77ක් දක්වා ඉහළට!

කොළඹ LNW:වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු හේතුවෙන් සිදුව...

2026 වසරේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වල වටිනාකම රු. බි. 55ක් !

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : මෙම වසරේ මේ...

ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල අඩු කිරීමක්!

කොළඹ LNW:ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 06...