මට අපහාස කළ අයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද යටතේත් පියවර ගන්නවා – ගරු ඇමති චතුරංග සැරවෙයි !

සටහන – රුවන් නෙළුගොල්ල

තමන්ට අපහාස කළ ෆේස්බුක් ක්‍රියාකාරිකයින්ට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද යටතේ කටයුතු කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

ඒ අනුව ඔවුන්ට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ පෙනී සිට කරුණු පැහැදිලි කිරීමට සිදුවනු ඇති බවටයි ඒ මහතා අනතුරු හඟවා සිටින්නේ.

තම කීර්ති නාමයට අපහාස වන අයුරින් ව්‍යාජ පුවත් හා විකෘති කළ පුවත් පළ කරන ෆේස්බුක් පිටු, වෙබ් අඩවි සහ පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් ඒ මහතා විසින් පරිගණක අපරාධ අංශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ද පසුගිය 13 වනදා ගොනුකර තිබිණි.

පහතින් දැක්වෙන්නේ චතුරංග අබේසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්වීමට පෙර 2024 ජනවාරි මාසයේදී පළ කළ ෆේස්බුක් සටහනකි.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BJP සබඳතා තරකර ගැනීමට ටිල්වින් සිල්වා දින පහක සංචාරයක් සඳහා ඉන්දියාවට

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු...

කථානායක ජගත්ට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග...

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...