මේක ජනතාව බලාගන්න ආණ්ඩුවක් – ජුනි සිට අස්වසුම තවත් පවුල් ලක්ෂ 4ක් – ජනපති මන්නාරමේදී කියයි!

කොළඹ LNW:එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

ඒ,අද (17)මන්නාරම ප්‍රදේශයේ පැවති මහජන රැළිය අමතමිනි.

පත්ව ඇත්තේ ජනතාව බලාගන්නා ආණ්ඩුවක් වන අතර වසර 5-6කට පසු රාජ්‍ය සේවයට 30,000ක් බඳවා ගැනීමට නියමිත බවද ජනාධිපතිවරයා කියාසිටියේය.

උතුරේ යුද්ධය හේතුවෙන් ජනතාවගේ ඉඩම් ආණ්ඩුවට පවරා ගැනීමට සිදුවූ බවත් ඇතැම් පාරවල් වසා දැමීමට සිදුව ඇති බවත් එහෙත් සියල්ල විසඳා ජනතාවට නිදහසේ තමන්ගේ වැඩකටයුතු කළ හැකි රටක් ජාතික ජන බලවේගය විසින් සකස් කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

එමෙන්ම උතුරු පළාතේ මාර්ග ඉදිකිරීම සඳහා රුපියල් දස ලක්ෂ පන්දාහක් වෙන් කර ඇතැයි ද හෙතෙම පැවසුවේය.

“අවුරුදු 5, 6කට පස්සේ ලොකුම ඩොලර් සංචිතය අපිට තියෙනවා. මාස 6ක් තිස්සේ රුපියල හෙල්ලෙන්නේ නෑ. අපි තෙල් මිල අඩු කළා. විදුලිබිල අඩු කරා. අපි ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කටයුතු කරනවා. රාජ්‍ය සේවක පඩි වැඩි කරා. අස්වැසුම දීමනාව වැඩි කරා. ඒ විතරක් නෙමෙයි අලුතින් අස්වැසුමට ජූනි මාසයට අලුත් පවුල් ලක්ෂ 4කට ලබාදෙන්න කටයුතු කරනවා. පාසල් දරුවන්ට සියලු නිල ඇඳුම් දෙනවා. ළමයි 300ට වඩා අඩු පාසල්වලට සපත්තු ගන්න මුදල් දෙනවා. ළමුන් ලක්ෂ 16කට පාසල් පොත් ගන්න රු 6,000 බැගින් දුන්නා. ජනතාව බලාගන්න ආණ්ඩුවක්. ඒ විතරක් නෙමෙයි අපි අලුතින් අවුරුදු 5 – 6කට පස්සේ 30,000ක් රාජ්‍ය සේවයට බඳවා ගන්නවා. මන්ත්‍රීවරු, ඇමතිවරු පස්සේ යන්න ඕන නෑ. පත්තරේ දානවා, විභාගයට වාඩි වෙන්න, වැඩිම ලකුණු ගන්න රස්සාව ලැබෙනවා. රාජ්‍ය සේවයේ දෙමළ භාෂාවෙන් කතා කරන අයගේ හිඟයක් තියෙනවා. පොලීසියෙත් එහෙමයි. ඒ නිසා අලුතින් පොලීසියට 2,000ක් බඳවා ගන්නවා. දෙමළ භාෂාව දන්න ඔබේ දරුවන්ව පොලිස් සේවයට බඳවන්න. ඒක ගෞරවාන්විත රස්සාවක්. අපේ රටේ නීතිය සාමය රකින්න තියෙන රස්සාව. තව පහසුකම් දෙනවා. රාජ්‍ය සේවයට දෙමළ භාෂාව පුළුවන් අය බැඳෙන්න. මේ රට අපි එකතු වෙලා හදමු.” යනුවෙන් ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියෙකුට සිරස කැමරා ශිල්පියෙකුගෙන් ප්‍රහාරයක් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...