*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

300 ක් ගහන්න ඕවර් 50 ක් මොකට ද? චමරිගේ පිත්ත දකුණු අප්‍රිකාවෙන් අහයි

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 18, කොළඹ (LNW): දකුණු අප්‍රිකාවේ වයඹ දෙසට වන්නට පිහිටි පොචෙෆ්ස්ට්රූම් හී පරිසරයේ සංසුන් බව වියැකෙමින් ඇත.උදේ කාලගුණ වාර්තාවලින් කී පරිදි සියයට හතළිහක වැසි අවදානම පහව තිබුණත් පොචෙෆ්ස්ට්රූම් හී ක්‍රීඩා පිටිය තුළ අකුණු හඬ සේ ලෙදර් පන්දුවක් තැලෙන බැට කන හඩ ඇසිණ.ඒ හැම පහරකදීම දකුණු අප්‍රිකානු නායිකා ලෝරා වොල්වර්ඩ්ට් ඇතුළු දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට විදුලි සැරයට දෑස ගිණිකන වැටෙනවා වැනි හැඟීමක් ද එන්නට ඉඩ ඇත.


අවසානයේ ලොව කාන්තා එක්දින තරගයක හොඳම හඹා යාම සඳහන් ජය ද,ලොව හොඳම එක්දින තනි ඉණිමේ තෙවන තැන ද සමඟ සිහින යථාර්තායක් කරන චමරි අතපත්තු ශ්‍රී ලංකාව වෙනුවෙන් ඓතිහාසික ජයක් ළඟා කර දුන්නාය.ඇයගේ හවුලට මේ දක්වා එක්දින තරගයක හොඳම කඩුලු සබඳතාවය සඳහා අත්වැල් බැඳගත් නිලක්ෂි ද සිල්වා ද නොසැලි ඉද යළිත් වාර්තාගත ජයකට චමරි සමඟ පෙරමුණේම වූවාය.
මෙය පහසු ජයක් නොවේය.අයිසීසී ශ්‍රේණිගත කිරීම් හී දෙවන තැන සිටින කණ්ඩායම පරාජය කරමින් තරගාවලිය සම කර ගැනීම හරහා ඔවුන්ට අප්‍රේල් 14 වන දා කළ ශ්‍රේණිගත කිරීම්වලට වඩා පියවරක් ඉදිරියට ඒමේ ඉඩ හිමිවේ යැයි සිතිය හැකිය.


තීරණාත්මක තෙවන තරගයේ දී ශ්‍රී ලංකාවට මේ තරගය ජය පරාජයෙන් තොරව නිමා කරගෙන තරගාවලි දෙකෙන් එකක්වත් පරාජය නොවී එන්නට උවමනාව තිබිණ.ඒ වන විටත් විස්සයි විස්ස තරගාවලිය ජය ගෙන සිටි ශ්‍රී ලංකාව එක්දින තරගාවලියේ සිටියේ 0 – 1 ක් ලෙස පිටුපසින්ය.
තරගයේ කාසියේ වාසිය හිමි වූයේ චමරි අතපත්තුටය.තිබුණු කාලගුණික වාර්තාවන්වල ඉඟිවලට අනුව කාසියේ වාසිය ද තීරණාත්මකය.චමරි පන්දු රකින්නට තීරණය කළේය.ලෝරා සුපුරුදු පරිදි පිත්ත පන ගැන්වීය.ආරම්භක කඩුල්ලට ලකුණු 116 ක සබඳතාවයකි.එය බිඳ වැටෙන්නේ කවීශා දිල්හාරිගේ පන්දු යැවීම ඉදිරියේ ඉමේෂා දුලානි රැකගත් උඩ පන්දුවකින් ලාරා ගුඩාල් දැවී යාමෙන්ය.ලකුණු පූවරුව 124 වෙද්දී විශ්මි ගුණරත්නගේ දක්ෂ පන්දු රැකිමක පලයක් අරුත් ගන්වන්නට කඩුලු රකින ප්‍රසාදිනී වීරක්කොඩි දායකවීමත් සමඟ ඩෙල්මි ටකර් ක්‍රීඩා පිටියෙන් ඉවත් වන්නීය.එම ලකුණු ප්‍රමාණය පවතිද්දීම ටකර් ඉවත් වූ පන්දුවට පසු පන්දුවේදී සුනේ ලූස් දුවද්දී දැවී යන්නේය.


ඉනික්බිතිව ප්‍රහාරාත්මක ලකුණු 67 ක සබදතාවයක් ලකුණු පූවරුවට එක් වෙද්දී සිව්වන කඩුල්ල ලෙස මාරිෂන්නි කැප් දුවද්දී දැවී යන්නේ තාව්‍යා කාවින්දිගේ පන්දු රැකීමක ප්‍රතිපලයක් ලෙසය.යළිත් පස්වන කඩුල්ලට ලකුණු 92 ක සබඳතාවයකි.ලෝරාගේ ප්‍රහාරයට දායකවන්නී නදිනි ඩි ක්ලාක්ය.හංසිමා කරුණාරත්නට උඩ පන්දුවක් දී ඇය දැවී යන්නේ කවීශාගේ පන්දුවක් ඉදිරයේය.එතැන් පටන් දකුනු අප්‍රිකා ඉණිම නිමා වන්නට තිබූ පන්දු 10 තුළ ඔවුන් ලකුණු 22 ක් ලබා ගන්නේය.ලෝරා අනර්ඝ ඉණිමක් දියත් කරමින් ලකුණු 184 ක් පන්දු 147 න් ලබා නොදැවී නායකත්වයේ ඉණිමක් දියත් කර තිබිණ.
පන්දු යැවීමේදී කවීශා දිල්හාරි නමට කඩුුලු 2 කි.ඇය ලබා දී තිබුණේ ලකුණු 47 ක් පමණි.චමරි අතපත්තු එක කඩුල්ලක් පමණක් දවාගෙන තිබුණු අතර ඒ වෙනුවෙන් ඇය සිය පන්දු වාර 10 දී ලකුණු 59 ක් ලබා දී තිබිණ.


පිළිතුරු ඉණිම සඳහා ජය ගැනීමටනම් ශ්‍රී ලංකාව ලකුණු 302 ක් ලැබිය යුතුය.සරල ලෙස කිවහොත් ලකුණු 300 ඉක්මවා යා යුතුය.එය ශ්‍රී ලංකාව පමණක් නොව කාන්තා එක්දින පිටියේ කර නොමැති වැඩකි.ඒ වන විට ශ්‍රී ලංකාවට එරෙහිව කාන්තා එක්දින තරගයක ක්‍රීඩිකාවක ලැබූ වැඩිම ලකුණු ඉණිම් අතර සිව්වන තැනට පත්වන ඉණිම ලෝරා වෝල්වර්ඩ්ට් දියත් කර තිබිණ.


හොඳම හඹා යාම ලෙස සටහන් වී තිබෙන්නේ නවසීලන්තයට එරෙහිව ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය ලෙස ලකුණු 289 ක් රැස් කර තිබීම නිසා මේ තරගය ජය ගැනීමටනම් ශ්‍රී ලංකාව එක්දින ඉතිහාසයේ විශිෂ්ඨතම හඹා යාම කළ යුතුය යන අභියෝගයේ හිර වී උන්නේය.මේ අභියෝගයට සාර්ථකව පිළිතුරු දීමටනම් චමරි අතපත්තු දැවන්ත ඉණිමක් දියත් කළ යුතුව තිබුණු අතර ඇයට සෙසු පිතිකරුවන්ගෙන් මනා සහයක් අවශ්‍යයව තිබිණ.


අභියෝගය භාරගත් බවට සංඥා පළමු කඩුල්ල වෙනුවෙන් ක්‍රියාත්මක විය.චමරි සහ විශ්මි ඇති කළ සම්බන්ධය බිඳෙන්නේ 16 වන ඕවරයේ දී ය.එවිට ලකුණු පූවරුව 90 තිබිණ.ඉනික්බිති තරගය දකුණු අප්‍රිකාව පැත්තට නැඹුරු වන අතර මේ තරගයේදී ද කුමන හෝ හේතුවක් නිසා වර්ථමානයේ ලකුණු අතර සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ විශ්වසනීය ක්‍රීඩිකාව හර්ෂිතා කණ්ඩායමේ ද නැත.ලකුණු 126 ට කඩුලු 4 ක් බවට ශ්‍රී ලංකාවේ ලකුණු පූවරුව පත්වන්නේය.ආයබොන්ගා කකා කඩුලු 2 ක් ද,නදිනි ජ ක්ලාක් සහ ඩෙල්මි ටකර් එක කඩුල්ල බැඟින් ද දවා ගෙන ඇත.


එතැනදී පිටියට එන්නී නිලක්ෂිකා ද සිලවා ය.ඇය පැමිණෙන විට තිබුණේ එක් බලාපොරොත්තුවක් පමණි.ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හොඳම කඩුලු සබඳතාවය පවත්වා තිබුණේ චමරි සහ නිලක්ෂි ය.එයද අනපේක්ෂිත අභියෝගයක් කණ්ඩායම මත කඩා වැටුණු මොහොතකදී ය.වර්ෂාව නිසා නවසීලන්තය සමග පැවති කරගයනදී ශ්‍රී ලංකාවට නවසීලන්තය පන්දු ඕවර් 31 දී කඩුලු 2 ට ලැබූ ලකුණු 127 වෙනුවට ශ්‍රී ලංකාවට පන්දු ඕවර් 29 දී ලකුණු 196 ක් ලබා ගැනීමේ අභියෝගයක් පැවති අවස්ථාවේදී ය.ඒ මොහොතේ නිලක්ෂි නොදැවී ලකුණු 48 ක් සහ චමරි නොදැවී ලකුණු 140 ක් සමඟ තෙවන කඩුල්ලට මේ දෙදෙනා එක් කර තිබුණු සබඳතාවය වූ ලකුණු 190 නිසා ශ්‍රී ලංකාව එම අභියෝගය ජය ගන්නට සමත් වන්නේය.මාස 10 ට පමණ ඉහත සිඳුවීමේ සොඳුරු අත්දැකීම සමඟ ජයග්‍රහණය සඳහා අවශ්‍යය ලකුණු 176 ක දුර දෙදෙනා විසින් රැඟෙන යනු ඇතැයි සිතෙන සිහිනයක් හැරෙන්නට වෙන යමක් නොතිබි මොහොතක චමරි සිහින සැබෑ කිරීමේ ප්‍රහාරයට පිවිසිණි.


තවත් පන්දු 33 ක් ඉතිරිව තිබියදී නදිනි ඩි ක්ලාක් ට චමරි එල්ල කරන දැවන්ත හයේ පහර සමඟ සිහිනය සැබෑ විය.ලෝකයේ වැඩිම ලකුණු ගණනක් හඹා ගොස් කාන්තා එක්දින තරගයක් ජයගත් කණ්ඩායම ශ්‍රී ලංකාව බවට පත් විය.චමරි, නවසීලන්තයේ ඇමෙලියා කෙර්,(232 නොදැවී) සහ ඕස්ට්‍රේලියාවේ බෙලින්ඩා ක්ලාක් (229 නොදැවී) යන ක්‍රීඩිකාවන්ට පසුව වාර්තා වූ හොඳම එක්දින ඉණිමේ හිමිකාරිය බවට පත් වූයේ නොදැවී ලකුණු 195 ක් වාර්තා කරමින්ය.හොඳම හඹා යාමේ වාර්තාව සිහිනයෙන් මුදවා යථාර්තයක් කරන්නට නොබිදි ලකුණු 179 ක වාර්තාගත සබඳතාවයක් පස්වන කඩුල්ල වෙනුවෙන් පවත්වන්නට දායක වූ නිලක්ෂි ද සිල්වා නොදැවී ලකුණු 50 ක් ලබා සිටියාය.

අයිසීසී ශ්‍රේණිගත කිරීම


චමරිගේ ලකුණු 195 න් ලකුණු 134 ක් වාර්තා වී තිබෙන්නේ පන්දු 31 න් ය.ඒ හතරේ පහර 26 ක් සහ හයේ පහර 5 ක් ලෙසය.පන්දු 139 ක් පමණක් වැය වුණු ඇයගේ ඉණිම නවසීලන්ත ලකුණු පූවරුව 210 ක් වී තිබුණේනම් දෙශතකයකින් කෙළවර වන්නට තිබුණු ඉණිමක්ය.
ලකුණු පූවරුවට පිවිසෙන්න.
https://www.espncricinfo.com/series/sri-lanka-women-in-south-africa-2023-24-1398245/south-africa-women-vs-sri-lanka-women-3rd-odi-1398267/full-scorecard

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan