යුද්ධය අහිමි කළ පලස්තීන බේස්බොල් නායකයාට ශ්‍රී ලංකා බේස්බෝල් වෙනුවෙන් කණගාටුව පළ වේ.

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 18, කොළඹ (LNW): අපි 2023 වසරේ බටහිර ආසියානු බේස්බෝල් සූරතාවයේ දි අනු සූරයන් වූ පලස්තීනය ගැන කතා කළෙමු.එහි විශේෂත්වය වූයේ ඔවුන් එම දස්කම කරන්නේ ක්‍රීඩාව හඳුනාගෙන සුළු කාලයක් ඇතුළත වීම නිසයි.ඒ වන විට යුද්ධයෙන් පීඩාවට පත්ව සිටි ඔවුන්ට බේස්බෝල් ආශිර්වාදය වුණේ ඔවුන්ගේ විදෙස්ගතව බේස්බෝල් හා බැදී සිටි ක්‍රීඩකයින්ය.

බටහිර ආසියානු තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ වූ තරගයේ දී මුරාඩ් (රවුමෙන් පෙන්වා ඇත්තේ මුරාඩ්ය)


එම කණ්ඩායමට නායකත්වය දුන් අෂ්රෆ් අවාඩ් මුරාඩ් එරට බේස්බෝල් කණ්ඩායමේ නායකයා පමණක් නොව එම කණ්ඩායමේ හුස්ම තරමටම එයට ඇලුණු චරිතයකි.ඔහුගේ නිවහනම පලස්තීන බේස්බෝල් ක්‍රීඩාවේ කාර්යාලය හැටියට වෙන් කර දෙන්නට තරම් ඔහු එම ක්‍රීඩාව හා ආදරයෙන් වෙලී උන්නේය.
කලෙක කරාටේ ක්‍රීඩකයෙකු වූ මුරාඩ් ක්‍රීඩාවට ඇළුණු බැදුණු චරිතයක් විය.පසු කලෙක ඔහු බේස්බෝල් සමඟ බැඳීමෙන් පසුව ඒ වෙනුවෙන් කැප වෙමින් බටහිර ආසියා අනු සූරතාවය සඳහා යද්දී ශ්‍රී ලංකාවද පරාජය කරන්නට සමත් විය.එවැනි හැකියාවක් නිර්මාණය කරන්නට මූලික වශයෙන්ම පලස්තීන බේස්බෝල් ක්‍රීඩාවට දායක වූ මුරාඩ් ගෙවුණු මාර්තු 26 වන දා ඊශ්‍රායල් හමුදාව අතින් මිය ගොස් ඇත.

පලස්තීන තානාපතිවරයා විසින් තීක්ෂණ ගම්මන්පිල වෙත මුරාඩ්ගේ ඡායාරූපය ලබා දුන් අවස්ථාව.එම අවස්ථාවට සහභාගි වූ සුභාෂ් ගුණසිංහ ද වේ.


එහිදී තමන්ව පරාජය කරන්නට තරම් කෙටි කලකදී දක්ෂ වූ කණ්ඩායමක නායකයා වෙනුවෙන් උපහාර දැක්වීමේ යුතුකම සහ වගකීම ඉටු කරන්නට ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ ප්‍රධාන විධායක තීක්ෂණ ගම්මන්පිල සහ තේරීම් කමිටු සභාපති සුභාෂ් ගුණසිංහ පලස්තීන ශ්‍රී ලංකා තානාපති ආචාර්ය සුහෙයිර් එම් එච් ඩාර්ෂෙයිඩ් හමුව මුරාඩ් වෙනුවෙන් සිය කණගාටුව ප්‍රකාශ කරන්නට යෙදුණා.


එහිදී පලස්තීන තානාපති කාර්යාලය මුරාඩ් වෙනුවෙන් නිකුත් කළ නිවේදනයෙන් කියැවෙන්නේ ඔහු පදිංචිව සිටි ෂාටි ප්‍රදේශයට අතුල් වූ ඊශ්‍රායල හමුදාව විසින් ඔහුව මරා, එම පවුලේ සාමාජිකයන්ද ඇපයට ගෙන තබා සිටි දිනකට පසුව දකුණු ගාසා තීරයට ඔවුන්ව පිටත් කර යවා ඇති බවයි.එසේම තීක්ෂණ සහ සුභාෂ් වෙත පලස්තීන තානාපතිවරයා ඔහුගේ රාමු කරන ලද ඡායාරූපයක් ද පිරිනමා තිබෙනවා.


රටක් ක්‍රීඩාවක් වෙනුවෙන් එකතු කර රටවල් කිහිපයක් අතර කැපී පෙනෙන ජයග්‍රහණ සඳහා මෙහෙයවන්නට නායකත්වය දුන් මුරාඩ් ක්‍රීඩකයෙක් සේ ලොවට පෙන් වූ ආදර්ශයට අපි බෙහෙවින් ගරු කරන්නෙමු.මරණය හමුවේ ඔහුගේ සංස්කෘතික ආගමික පැතුම ආකාරයට ඔහුට ඉහළම දේ ලැබෙන්නට අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය