*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

ජනකගේ හිටපු පෞද්ගලික සහායිකාවකට වාරණයක්!

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 18, කොළඹ (LNW):අද (18) දින මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ කීර්තියට අපහාස වන ආකාරයෙන් ඔහුගේ පුද්ගලිකත්ව හා සම්දබන්ධ වීඩියෝ දර්ශන හා ඡායාරූප ඇතුළු තොරතුරු සමාජ මාධ්‍ය හෝ වෙනත් මාධ්‍යවල පළ කිරීම හා තුන්වන පාර්ශවයක් වෙත ලබාදීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් ඒ මහතාගේ හිටපු පෞද්ගලික සහායිකාවක වශයෙන් කටයුතු කළ ගයත්‍රි බිම්බා නමැත්තිය වෙත වාරණ නියෝගයක් නිකුත් කළ බව වාර්තා වේ.

තවද, පැමිණිලිකරුට අපහාසාත්මක වන ආකාරයේ “මී මැස්සෝ ටී.වී” යූ ටියුබ් නාලිකාව ඔස්සේ විකාශය වූ අන්තර්ගතයන් වෙනත් සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කිරීම වළක්වාලමින් එම යූ ටියුබ් නාලිකාවේ හිමිකරු වූ කල්ප ගුණරත්න මහතා ඇතුළු ඔහුගේ නියෝජිතයින් වෙත තවත් වාරණ නියෝගයක් ද විනිසුරුවරයා විසින් නිකුත් කරන ලද බව පැවසේ. මැයි මස 02 වනදා තෙක් , එම වාරණ නියෝග බල පැවැත්වෙන බවද නියෝගයේ සඳහන් වි ඇත.

නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් මහතා මාර්ගයෙන් අධිකරණය හමුවේ ගොනුකර ඇති පැමිණිල්ල තුළින් ජනක රත්නායක මහතා කියා සිටින්නේ විත්තිකාර ගයත්‍රි බිම්බා නමැතිය 1999 වසරේ සිට සිය පෞද්ගලික සහයිකාව වශයෙන් කටයුතු කළ අතර 2023 වසරේ ඇතිවූ විරසකයක් මත ඇය ඉවත්ව ගිය බවයි. තමා සහ විත්තිකාරිය අතර ඉතා සමීප සම්බන්ධතාවයක් පැවැති බවත් එම අවස්ථාවන්ට සම්බන්ධ ඡායාරූප හා වීඩියෝ දර්ශන දෙපාර්ශවයේ කැමැත්ත මත ලබාගෙන තිබූ බව පවසන පැමිණිලිකාර ජනක රත්නායක මහතා එවැනි අතිශය පෞද්ගලික ඡායාරූප හා වීඩියෝ දර්ශන පැමිණිලිකාරිය විසින් අන්තර්ජාලයේ ගබඩා කර තිබෙන බව කියා සිටියේය. ඉන් අනතුරුව එවැනි සංවේදී වීඩියෝ දර්ශන හා ඡායාරූප ප්‍රසිද්ධියට පත්කරන බවට විත්තිකාරිය විසින් පැමිණිලිකරුට තර්ජනය කර තිබූ බවත් පැමිණිල්ලේ සඳහන් වේ. ඊට අමතරව ඉකුත් මාර්තු මස 14 වනදා විත්තිකාරිය “මී මැස්සෝ ටී. වී. ” නැමැති යූ ටියුබ් නාලිකාවට සාකච්ඡාවක් ලබා දෙමින් තමා අල්ලස් ලබා දෙන පුද්ගලයෙකු බවටත් තමා විත්තිකාරියට තර්ජනය කර ඇති බවටත් ඇය විසින් අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බවද ජනක රත්නායක මහතා සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ. මේ තුළින් තමා දූෂිත පුද්ගලයෙකු , අල්ලස් දෙන්නකු බවටත්, දේශද්‍රෝහියෙකු, මහජන මුදල් අවභාවිතා කරන්නෙකු බවටත් හුවා දැක්වීමට විත්තිකාරිය කටයුතු කර ඇති බවත් පැමිණිලිරු චෝදනා කරයි.

මේ තුළින් සිය කීර්තියට සිදු කළ හානිය වෙනුවෙන් විත්තිකරුවන් ගෙන් රුපියල් බිලියන 2 ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා ජනක රත්නායක මහතා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

මෙහිදී ම පැමිණිකාර ජනක රත්නායක මහතා වෙනුවෙන් නීතිඥ ජී.ජී. අරුල් ප්‍රගාසම් මහතාගේ උපදෙස් මත නිරන්ජන් අරූල් ප්‍රගාසම්, සජන ද සොයිසා යන නීතිඥවරු සමඟ ජනාධිපති නීතීඥ කුවේර ද සොයිසා මහතා පෙනී සිටි බව සඳහන් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan