ඇඹිලිපිටිය කඩදාසි කම්හල යලි වැඩ අරඹයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 18, කොළඹ (LNW):1978 වසරේ දී මෙරට දෙවන කඩදාසි කර්මාන්ත ශාලාව ලෙස ඇරඹූ ඇඹිලිපිටිය කම්හල අකාර්යක්ෂම පරිපාලනය නිසා 2013 වසරේ දී වසා දමන්නට සිදු වූ නමුත්, අද (18) දින ඇඹිලිපිටිය කඩදාසි කම්හල මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ කළේය.

අනූනයින් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමේ අනුබද්ධ ආයතනයක් වන සීමාසහිත කොරියන් ස්පා පැකේජින් සමාගමට තිස් අවුරුදු බදු පදනමක් මත ඇඹිලිපිටිය කඩදාසි කම්හල පැවරීමට කැබිනට් අනුමැතිය ලැබුණු අතර, කඩදාසි කර්මාන්ත ශාලාවක් පටන්ගෙන මෙහෙයුම් කටයුතු කරගෙන යාම සඳහා කේ.එස්.පී.ඒ ඇඹිලිපිටිය පේපර් මිල්ස් නමින් නව සමාගමක් සංස්ථාගත කළ අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග වන ගිවිසුමක් මත එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කෙරිණි.

රජය ව්‍යාපාර කිරීමෙන් වැළකී සිටිය යුතු බව තම පෞද්ගලික විශ්වාසය බව, මෙහෙයුම් කටයුතු ඇරඹීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක පවසා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බොරලැස්ගමුවේ වෙඩිතැබීමක්. තරුණයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවත ප්‍රදේශයේදී අද...

මර්දනයට ලෑස්ති වෙන්න එපා, අපේ ඉවසීමෙත් සීමාවක් තියෙනවා – නාමල් ආණ්ඩුවට කියයි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ටෙන්ඩර් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව එල්ල...

රනිල්ව සිරගත කිරීම : රජයේ කිසිදු මැදිහත් වීමක් හෝ පළිගැනීමක් නෑ – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත...

GMOA දීපව්‍යාප්ත වැඩවර්ජනයකට දින නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ඉල්ලීම් 4ක් මුල්කර ගනිමින් 2025 අගෝස්තු...