Giorgia Meloni ධවල මන්දිරයට!

Date:

රෂිකා හෙන්නායක

ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලනි ධවල මන්දිරයට පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.එහිදී ඉතාලි අග්‍රාමාත්‍යවරිය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී වැඩි අවධානයක් යොමුව ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරුබදු පිළිබඳවයි. 

දැනට දින 90ක කාලයක් සඳහා අදාළ තීරුබදු ක්‍රියාත්මක කිරීම අත්හිටුවා තිබෙන අතර, එම කාලය අවසන් වීමට පෙර එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය වෙළඳ ගිවිසුමකට එළඹෙනු ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශ්වාසය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.. 

විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේඑ, අමෙරිකානු ජනාධිපති විසින් ආනයනික භාණ්ඩ මත විශාල වශයෙන් තීරුබදු පැනවීමෙන් පසු වොෂිංටනයට පැමිණි පළමු යුරෝපීය නායිකාව  ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලනි වන බවයි.

මේ අතර මෙම සාකච්ඡාවේදී ඉතාලියේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත කෙරුණු ආරාධනයක් ඔහු විසින් පිළිගෙන ඇති බවද වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් යුරෝපීය නායකයන් සමග සාකච්ඡා කිරීමට අමෙරිකානු ජනාධිපතිවරයාට මෙය අවස්ථාවක් වනු ඇති බවයි.


 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...