අර්ධ සුඛෝපභෝගි බස් රථ අහෝසි වේ.

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අර්ධ සුඛෝපභෝගි බස් රථ ලබන මාසයෙන් පසුව අහෝසි කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසන අතර , අර්ධ සුඛෝපභෝගි බස් රථ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බව එහි අධ්‍යක්‍ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කරයි.

වැඩිදුරටත් ඒ පිළිබඳ අදහස් දැක්වූ ඒ මහතා ,

“අපි ක්‍රියාමාර්ගයක් ගත්තා ප්‍රවාහන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි අර්ධ සුඛෝපභෝගි සේවාව සාමාන්‍ය සේවාවක් හා සුඛෝපභෝගි සේවාවක් බවට පත්කරන්න. ඒ අනුව සියලුම බස්හිමියන්ව දැනුවත් කරලා තියෙනවා තමන්ගේ බස්රථය සාමාන්‍ය සේවාවක් බවට හෝ සුඛෝපභෝගි සේවාවක් බවට පත්කරන්න කියලා. ඒ සඳහා අපි ගාස්තු අයකිරීමකින් තොරව සිදුකරනවා. මේ වනවිට බස්රථ 430ක් පමණ අර්ධ සුඛෝපභෝගී තියෙනවා. මේ වෙද්දි බස් 20ක් පමණ එවැනි සේවා සංශෝධනවලට ඉල්ලීම් ලැබිලා සිදුකරමින් පවතිනවා. දැනට සේවා සංශෝධනය මැයි මස 31 වනදා දක්වා සිදුකරන ලෙසට බස්හිමියන්ව දැනුවත් කරලා තියෙනවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිදුවු පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙඩි...

ඇමරිකාව එක්ක බද්ද අඩුකරගත්තේ කොහොමද? රටට හෙළි කරන්න – නාමල් කියයි

කොළඹ LNW:ඇමරිකාවට කරනු ලබන අපනයන මත පැනවූ අන්‍යෝන්‍ය තීරු...

ආරක්ෂක සේවා කැරම් සූරතා ගුවනේ පතිත වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW: ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය විසින්...