ජනතාව ප්‍රතික්ෂේප කළ ආණ්ඩු සමග අපේ ඇයිහොදැයිකම් නෑ. ඒ නිසා බොරු ප්‍රචාරවලට රැවටෙන්න එපා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනතාවගෙන් ඉල්ලයි

Date:

දෙවැනි ලෝක යුද සමයේ හිට්ලර් විසින් ගොබෙල්ස් උපයෝගී කර ගෙන මාධ්‍ය හරහා බොරුව ජනගත කලා සේ වත්මන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින්ද බොරු ප්‍රචාර ජනගත කිරීමේ කූට උපක්‍රමයක නියැලෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පැවසීය.

සැබෑ මාධ්‍යවේදීන්ට පවා අපහාස කරමින් මාධ්‍යවේදීන් යැයි හඳුන්වා ගන්නා පිරිසක් හරහා ඇත්ත බොරුව බවට පත් කිරීම හා බොරුව ඇත්ත බවට පත් කිරීමේ මහා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

වත්මන් ආණ්ඩුව විසින් සමගි ජන බලවේගය විසින් අගමැතිකම් මැති ඇමතිකම් ලබා ගැනීම සදහා සාකච්ඡා කළ බවට වන ව්‍යාජ ප්‍රවෘත්ති මවමින් සිටින බවත් ජනවරමක් නොමැති ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ වත්මන් ආණ්ඩුව සමග සමගි ජනබලවේගය කිසිදු අවස්තාවක එක් නොවන බවත් එබැවින් මෙවැනි බොරු සහ ව්‍යාජ පුවත්වලට නොරැවටෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැබිතිගොල්ලෑවේ බලය සමගි ජන බලවේගයට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගයට...

පොරොන්දු වූ අභිචෝදක සහ එම කාර්යාලය කෝ ? කාදිනල් හිමි ප්‍රශ්න කරයි!

කොළඹ LNW:ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වූ පරිදි...

යුදෙව් අරාබි ගැටුමේ පර්සියානු භූමිකාව හා මුහම්මඩ්ගේ පුත්‍රයා ….

අපි කතාව පටන් ගමු ඉතිහාසයෙන්. ක්‍රිස්තු පූර්ව 586 වර්ශය...