දවසක්වත් කල්දෙන්න බැහැ.40%කින් බස් ගාස්තු වැඩි ඕනේ නැත්නම් ධාවනය සම්පූර්ණයෙන් නතර කරනවා!(VIDEO)

Date:

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අදහාගත නොහැකි ලෙස සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් තුළද ඩීසල් මිල රු.113කින් ඉහළ යාමත් සමඟ ඉදිරි පැය කිහිපය තුළදී බස් ගාස්තුවද සංශෝධනය විය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්නේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා අවධාරණය කළේය.

ඒ අනුව 40%කින් බස් ගාස්තුව ඉහළ යා යුතු බවයි ඔහු සඳහන් කළේ.

ප්‍රියන්ජිත් මහතා මේ බව සඳහන් කළේ අද (19) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඉදිරි පැය කිහිපය තුළම බස් ගාස්තුව ඉහළ දැමීමට රජය තීරණය ගත යුතු වන අතර තව දවසක් හෝ ඒ සඳහා ලබා දිය නොහැකි බවයි ඔහු කියා සිටියේ.

මේ වන විටත් පෞද්ගලික බස් 90%ක් පමණම ධාවනය නොවන බවත් ඉතාම ඉක්මණින් බස් ගාස්තු සංශෝධනය නොවන්නේ නම් දහවල් කාලය වන විට ධාවනය සම්පූර්ණයෙන්කම නතර වනු ඇති බවද ඔහු ප්‍රකාශ කරන ලදී.

පවතින ඉන්ධන මිල ඉහළ යාම අනුව අවම බස් ගාස්තුව රු. 30ක් දක්වා ඉහළ යන බවද ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬව මිලියන ගණනක් අහිමි වීම: ශ්‍රී ලංකාව දැන් පාම් ඔයිල් තහනම ඉවත් කළ යුත්තේ ඇයි?

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : ලංකා වැවිලිකරුවන්ගේ සංගමය...

කෙහෙළියගේ පවුල ගොණු කළ පෙතම තුනක් නිෂ්ප්‍රභා වෙයි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයින්ට අයත්...

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සයිබර් අපරාධ විරෝධී සම්මුතියට අත්සන් තබයි…

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පසුගිය සතියේ වියට්නාමයේ...

යෝධ කුකුළෙක් මෙන්ම වෝල්නට්ස් තලන වැඩිහිටියෙක් දක්වා; අද්විතීය වීදි කලාවට තවත් නිර්මාණ පොකුරක්!

සටහන – පුලී නොවැම්බර් 03, කොළඹ (LNW): කොන්ක්‍රීට් මංතීරුවක සිටින...