දවසක්වත් කල්දෙන්න බැහැ.40%කින් බස් ගාස්තු වැඩි ඕනේ නැත්නම් ධාවනය සම්පූර්ණයෙන් නතර කරනවා!(VIDEO)

0
1111

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අදහාගත නොහැකි ලෙස සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් තුළද ඩීසල් මිල රු.113කින් ඉහළ යාමත් සමඟ ඉදිරි පැය කිහිපය තුළදී බස් ගාස්තුවද සංශෝධනය විය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්නේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා අවධාරණය කළේය.

ඒ අනුව 40%කින් බස් ගාස්තුව ඉහළ යා යුතු බවයි ඔහු සඳහන් කළේ.

ප්‍රියන්ජිත් මහතා මේ බව සඳහන් කළේ අද (19) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඉදිරි පැය කිහිපය තුළම බස් ගාස්තුව ඉහළ දැමීමට රජය තීරණය ගත යුතු වන අතර තව දවසක් හෝ ඒ සඳහා ලබා දිය නොහැකි බවයි ඔහු කියා සිටියේ.

මේ වන විටත් පෞද්ගලික බස් 90%ක් පමණම ධාවනය නොවන බවත් ඉතාම ඉක්මණින් බස් ගාස්තු සංශෝධනය නොවන්නේ නම් දහවල් කාලය වන විට ධාවනය සම්පූර්ණයෙන්කම නතර වනු ඇති බවද ඔහු ප්‍රකාශ කරන ලදී.

පවතින ඉන්ධන මිල ඉහළ යාම අනුව අවම බස් ගාස්තුව රු. 30ක් දක්වා ඉහළ යන බවද ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේය.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here